Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ සිටින යොවුන් පිතිකරුවකු වන කමිල් මිෂාර තිබෙන පළමු වැනි ගුවන් යානයෙන්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. කණ්ඩායමේ විනය නීති මාලාව කඩකිරීම හේතුවෙන් කමිල් මිෂාරගේ බංග්ලාදේශ සංචාරය අදින් අවසන් වනු ඇත.
බංග්ලාදේශයෙන් ලැබෙන වාර්තා අනුව කමිල් මිෂාර සිය හෝටල් කාමරයට ආගන්තුකයකු කැඳවාගෙන ඇවිත් තිබේ. පවතින කොරෝනා මර්ධන කොන්දේසි සහ කණ්ඩායමේ අනෙකුත් රෙගුලාසි අනුව එය ක්‍රීඩක විනය නීති මාලාව උල්ලංඝණය කිරීමකි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවෙන්නේ කමිල් මිෂාර වහාම ශ්‍රී ලංකාවට කැඳවන බවත්, ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව, අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් පවත්වන බවත්ය. එම පරීක්‍ෂණයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ගනු ලබන තීරණ දැනුම් දෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයෙන් කියැවේ.
කමිල් මිෂාර සිය කාමරයට ආගන්තුකයකු කැඳවාගෙන පැමිණි බව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නැවතී සිටින හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන වලින් තහවුරු වී තිබේ.
සංචාර දෙකකදීම ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වූ නමුත් කමිල් මිෂාර තවමත් ටෙස්ට් වරම් ලබා නැති යොවුන් පිතිකරුවෙකි. එහෙත් ඔහු විස්සයි-20 අන්තර්ජාතික තරග 3 කට සහභාගි වී තිබේ. ලබන මාසයේදී ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම්කරන ලද ටෙස්ට් සංචිතයටද කමිල් මිෂාර ඇතුළත් කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.