Last Update  :  2025-03-16 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විමලා ජයවීර නික්මයයි

විමලා ජයවීර නික්මයයි

editorial - 2023 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


හිටපු ප්‍රවීනතම ක්‍රීඩා පරිපාලන නිලධාරිනියක වන විමලා ජයවීර මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. ජයවීර මහත්මිය දූ දරුවන් දෙදෙනකුගේ මවකි.

ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු සහකාර අධ්‍යක්ෂවරියක වන ඇය සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරිය ලෙසත්, ජාතික දැල්පන්දු තේරීම් කමිටුවේ සභාපතිනිය ලෙසත් කලක් කටයුතු කළාය. අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අභ්‍යාස) එහි හිටපු ප්‍රධාන උපදේශක (ක්‍රීඩා) හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයකු වන සුනිල් ජයවීර මහතා අභාවප්‍රාප්ත විමලා ජයවීර මහත්මියගේ සැමියායි.

ඇගේ අවසන් කටයුතු හෙට (26) පස්වරු 3ට කිරිබත්ගොඩ, මාකොල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. දේහය මාකොල සිරිමංගල මාවතේ තැන්පත් කර තිබේ.

- 223


අදහස් (0)

විමලා ජයවීර නික්මයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.