Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය බිරිඳ වන සාරා රහීම් දෙවැනි දරුවා බිහිකිරීමෙන් පසුව නවසීලන්ත නායක කේන් විලියම්සන් එංගලන්තය බලා පිටත්විය.
ඉන්දියාවේ පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියට සහභාගි වෙමින් සිටි කේන් විලියම්සන්, සිය බිරිඳගේ දෙවැනි දරු ප්‍රසූතිය හේතුවෙන් එංගලන්තයට නොයා ගෙදර ගියේය. බිරිඳ සාරා දෙවැනි දරුවා ලැබූ හෙයින් විලියම්සන් දැන් එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ.
එංගලන්තය සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය ජූනි මස 02 වැනිදා ආරම්භ වීමට නියමිතය. ලෝක ටෙස්ට් ශූරතාව දිනා සිටින නවසීලන්තය, මීළඟ ලෝක ශුරතාවලියේදී සහභාගි වන සිව්වැනි තරගාවලිය මෙයයි.
අයි.පී.එල්. තරගාවලියට සහභාගි වෙමින් සිටි ඩෙවොන් කොන්වේ සහ ටිම් සවුති දෙදෙනාම මේ වන විටත් එංගලන්තයේ සිටින නවසීලන්ත කණ්ඩායම සමගින් එක්වී සිටී. විලියම්සන්, වේග පන්දු යවන නීල් වැග්නර් සහ පිතිකරු ඩැරිල් මිචෙල් බදාදා (25 වැනිදා) කණ්ඩායම සමගින් එක්වීමට නියමිතය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.