Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දේශීය වෙරළ (බීච්) වොලිබෝල් ක්‍රීඩාවේ ඉදිරි දෙවසරක ප්‍රවර්ධන කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් 50,000ක් හෙවත් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට කොටස් දෙකකින් ලබාදීමට ජාතික ඔලිම්පික් කමිටුව එකඟ වී තිබේ.
ඒ අනුව, ඉදිරි 2022 හා 2023 යන දෙවසරක කාලයක දේශීය වෙරළ වොලිබෝල් ප්‍රවර්ධන කටයුතු සඳහා ඩොලර් 25,000ක් බැගින් එහිදී ලබාදීමට කටයුතු කෙරේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, එහි මහලේකම් මැක්ස්වල් ද සිල්වා, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කාංචන ජයරත්න, එහි ලේකම් ඒ.එස්. නාලක යන මහත්වරු දෙපාර්ශ්වය වෙනුවෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැති විශේෂ සාකච්ඡාවකට සහභාගි වීමෙන් අනතුරුව ජාතික ඔලිම්පික් කමිටුව මෙම මුදල් ප්‍රදානයට එකඟ වී තිබේ.
දේශීය වොලිබෝල් ක්‍රීඩාවේ හා වෙරළ වොලිබෝල් ක්‍රීඩාවේ ප්‍රවර්ධන කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 44 කට ආසන්න මුදලක් ප්‍රදානය කෙරෙන ගිවිසුමකට ද මැතකදී එම අමාත්‍යාංශය හා වොලිබෝල් සම්මේලනය අත්සන් තබනු ලැබීය. ඒ, ක්‍රීඩා අමාත්‍යාංශය වොලිබෝල් සම්මේලනයට සිය ජාතික ක්‍රීඩා සංකීර්ණය ලෙස පවත්වාගෙන යාම සඳහා ගාල්ල දඩැල්ලේ ඉදිකර තිබෙන දකුණු පළාත් ක්‍රීඩා සංකීර්ණය පවරාදීමට අමතරවය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.