Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාට්මන් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ශාන්ත බෙනඩික් - වෙස්ලි වාර්ෂික ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (24 වැනිදා) වෙස්ලි විදුහල් ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 228 ක් ලබාගත්හ. අද සවස ක්‍රීඩාව නතර කරන විට ශාන්ත බෙනඩික් විද්‍යාලය කිසිවකු නොදැවී ලකුණු 07 ක් ලබා සිටියේය.
තරගය ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
තරගයේ එක් අවස්ථාවක වෙස්ලි විදුහල කඩුලු 3 ක් දැවී ලකුණු 180 ක් ලබා සිටි නමුත් මලින්ද පෙරේරාගේ (66/6) විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් අවසන් කඩුලු හයම ලකුණු 48 ක් තුළදී ඇද වැටිණ. සාම්ප්‍රදායික තරගයක් වන බැවින්, විදුහල් දෙකේම එකඟතාව මත, තරගයේ පළමු ඉනිම ඕවර 60 කට සීමාකර තිබේ.
දෙවිදුහල් අතර ක්‍රිකට් තරග සඳහා වසර 125 ඉතිහාසයක් ඇතත් මේ වසරේ සිට ආරම්භ වන කාට්මන් කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙදින තරගාවලියකි. එය මහ ක්‍රිකට් තරග ආකෘතියෙන් මිදී ‘වාර්ෂික ක්‍රිකට් තරගයක්’ ලෙසින් පැවැත්වෙන සාම්ප්‍රදායික තරගයකි.
මෙම තරගය ඊයේ සහ අද (23 සහ 24) පැවැත්වීමට නියමිතව තිබුණද ඊයේ දිනය පුරාම පැවැති වර්ෂාව හේතුවෙන් තරගය නොපැවැත්විණ. එබැවින් තරගය අද ආරම්භ වූ නමුත් හෙට (25) ඉරිදා දිනයක් වන බැවින් තරගයේ දෙවැනි දිනයේ ක්‍රීඩාව අනිද්දා (26 වැනිදා) පැවැත්වේ.
වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම - කඩුලු 9 ට 228 යි
(ලක්ෂාන් රුවන්ත 12, සහිල් ඩයස් 50, කුෂාන් චමල්ක 45, තේනුක පෙරේරා 42, සිදත් ධර්මසිරිවර්ධන 21, සෙමිල ලියනගේ 13, අනුදිත් වික්‍රමසිංහ 25, මලින්ද පෙරේරා 66/6)
ශාන්ත බෙනඩික් විද්‍යාලය - කිසිවකු නොදැවී 07 යි
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.