Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි වෙළෙඳ දැන්වීම් කිහිපයක පෙනී සිටීම නිසා අමාරුවේ වැටී සිටී.
මේ මස 24 වැනිදා පැවැත්වීමට නියමිත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී සභාපතිවරයා මේ සම්බන්ධයෙන් අසීරු ප්‍රශ්න කිහිපයක් බලාපොරොත්තුවෙන් සිටින නමුත් එය ඇත්ත වශයෙන්ම හිටපු ඉන්දීය නායකයා කනස්සල්ලට පත්විය යුතු දෙයක්ද නොවේ යැයි නීති උපදේශක විදුෂ්පාත් සිංහානියා කියයි.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සෘජු තරඟකරුවන් වන විවිධ වෙළඳ නාමයන් සමඟ ගංගුලිගේ ඇසුර සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් ඉස්මතු වී තිබේ. විශේෂයෙන් ඔහු ක්ලැප්ප්ලස් හි සන්නාම තානාපති ලෙස අත්සන් කර ඇති නමුත් එම සමාගම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ කමිස අනුග්‍රාහකයන් වන බයිජුගේ සෘජු තරඟකරුවෙකි.
හිටපු පරිපාලන කමිටුවේ සාමාජික රාමචන්ද්‍ර ගුහා මහතාද ගංගුලිගේ ක්‍රියාදාමය ප්‍රශ්න කර තිබේ.
"අද සෞරව් ගංගුලි පත්ව සිටින තත්ත්වය දෙස බලන්න, ඉන්දීය මණ්ඩලයේ ප්‍රධානියා වන ඔහු අන්තර්ජාලයේ ක්‍රීඩාවක් වන මනංකල්පිත ක්‍රිකට් ක්‍රීඩාවක් වෙනුවෙන් පෙනී සිටී. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් අතර මුදල් සඳහා ඇති මේ කෑදරකම කම්පනයකි" යනුවෙන් ගුහා ලිවීය.
එසේ වුවත් නීතිඥ විදුශ්පාත් සිංහානියා කියන්නේ ගංගුලිගේ සම්බන්ධකම් වල කිසිදු අනෝන්‍ය ගැටුමක් පැන නගින්නේ නැති බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.