Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය එළබෙන මැයි මස 19 වැනිදා සිට 25 දක්වා වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී සහ ලුම්බිණි විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. ජාතික ශ්‍රේණිගත කිරීම්වල පළමු මට්ටමේ තරගාවලියක් ලෙස සැලකෙන මෙම ශුරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම මේ වන විට ආරම්භ වී ඇති අතර එය මැයි මස 9 වැනිදායින් නිමාවට පත්වේ.
මෙරට ප්‍රධාන පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග වදින වෙළෙඳ සේවා සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේදී අවුරුදු 11 න් පහළ වයස් කාණ්ඩයේ සිට 19 න් පහළ වයස් කාණ්ඩය දක්වා කනිෂ්ඨ තරග පැවැත්වෙන අතර අවුරුදු 30 ට වැඩි වයස් කාණ්ඩයේ සිට 70 ට වැඩි වයස් කාණ්ඩට දක්වා ජ්‍යෙෂ්ඨ තරග පැවැත්වේ.
වඩාත්ම අවදානයක් යොමුවන විවෘත අංශය සඳහා කාන්තා කේවල සහ පිරිමි කේවල ඉසව් මෙන්ම එම ඉසව්වල අවසන් පූර්ව වටයේ පරාජිතයන් අතර පැවැත්වෙන පළඟ ශූරතා ඉසව්ද ඇතුළත්වේ.
තරගාවලියේ සමාරම්භක උත්සවය මැයි මස 19 වැනිදා පෙරවරු 9.00 ට පැවැත්වෙන අතර මැයි 23 දක්වා මූලික වටයේ සිට අර්ධ අවසන් පූර්ව වටය දක්වා තරග පැවැත්වීමට නියමිතය. මැයි මස 24 වැනිදා සහ 25 වැනිදා අවසන් පූර්ව තරග සහ අවසන් මහ තරග පැවැත්වෙනු ඇත. අවසන් දින පස්වරුවේ තරගාවලියේ සමාප්ති උත්සවය පැවැත්වීමට නියමිතය.
මැයි මස 13 වැනිදා වන විට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව තරග පෙළ ගැස්ම සකස්කරනු ලැබේ. යඑඑචිථරැරැඅඅඅගිරසක්බන්ඉ්ාපසබඑදබගකන යන වෙබ් ලිපිනය ඔස්සේ තරගාවලිය සඳහා අයැදුම්පත් යොමු කළ හැකි අතර වැඩිදුර තොරතුරු 076-1759017 දුරකතන අංකය ඔස්සේ සදීර ආදිත්‍ය මහතා සම්බන්ධ වීමෙන් ලබාගත හැකිය.
මෙම තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතරේ රුපියල් 750,000 ක මුදල් ත්‍යාග බෙදා දීමට නියමිත අතර ඊට අමතරව කුසලාන සහ පදක්කම්ද පිරිනැමේ. තවද ජයග්‍රාහකයන්ට, අනු ශුරයන්ට සහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහතිකපත් ප්‍රදානය කරන අතර කනිෂ්ඨ අංශයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදල් ත්‍යාග වෙනුවට වටිනා ත්‍යාග පිරිනැමීමටද කටයුතු යොදා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.