Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශතක සම්බන්ධතා දෙකකට සම්මාදම් වූ ෂේන් වොට්සන්ගේ (176) විශිෂ්ට පිතිහරඹය නිසා ‘අළු බඳුන’ තරගාවලියේ පස්වැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය වන අද (21 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට ඕස්ටේ‍්‍රලියානු පිලේ ලකුණු සංඛ්‍යාව කඩුලූ 4 කට 307 ක් දක්වා ඉහළ නැග තිබිණ. ඕස්ටේ‍්‍රලියානු පිල කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර මෙම තරගය ලන්ඩන් නුවර කෙනින්ග්ටන් ඕවල් පිටියේදී පැවැත්වෙයි.
කි‍්‍රස් රොජර්ස් (23) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ෂේන් වොට්සන් පසුව ස්ටීවන් සමිත් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 145 ක සම්බන්ධතාවක්ද ගොඩනැංවීය.
වේගවත් පිතිහරඹයක නිරත වූ ඕස්ටේ‍්‍රලියානු අංක 3 පිතිකරුවා හතරේ පහර 25 ක් සහ හයේ පහරක්ද සමගින් පන්දු 247 කදී ලකුණු 176 ක් ලබාගත්තේ කෝඩුකාරයන් දෙදෙනකු සමග තරග කරන එංගලන්ත පන්දු යවන්නන් මායිම් නොකරමිනි.
දිවා ආහාරයට පෙර පන්දු 77 කින් ලකුණු 80 ක් ලබාගත් වොට්සන් දෙවැනි කඩුල්ලේ ලකුණු 107 ක සම්බන්ධතාවෙන් ලකුණු 84 කම දායකත්වය දැරීය. සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය පෙනෙන මායිමේ සිටියදී ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පන්දුවකට ගැසූ හුක් පහරකින් කෙවින් පීටර්සන්ට උඩපන්දුවක් ලැබීම නිසා වොට්සන් දැවී ගියේය.
මෙම තරගයේදී එංගලන්ත පිල වෙනුවෙන් කෝඩුකාරයෝ දෙදෙනෙක් කී‍්‍රඩා කරති. දකුණතින් මඳ වේග පන්දු යවන්නකු වන වොවික්ෂයර් පිලේ කි‍්‍රස් වෝක්ස් සහ ලැන්කෂයර් පිලේ වමත් පා දග පන්දු යවන්නකු වන සයිමන් කෙරිගන් ඔවුන් දෙදෙනාය. දකුණත් පිතිකරුවකු වන ජේම්ස් ෆෝක්නර් මෙම තරගයේදී ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් හිස් වැස්ම දිනාගත්තේය.
ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 4 ක් දැවී 307
(කි‍්‍රස් රොජර්ස් 23, ෂේන් වොට්සන් 176, ස්ටීවන් ස්මිත් නොදැවී 66, පීටර් සිඞ්ල් 18, ජේම්ස් ඇන්ඩසන් 56/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.