Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news විශ්ව විද්‍යාල පාපන්දු සංගමයත් ලීගයක්

විශ්ව විද්‍යාල පාපන්දු සංගමයත් ලීගයක්

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ  පාපන්දු ලීගයක් ලෙස ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාල කී‍්‍රඩා සංගමය ලියාපදිංචි කෙරිණ. මෙම ලියාපදිංචි කිරීමේ උත්සව සභාව පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ‘කොලෙජ් හවුස්’ ශාලාවේදී විශ්වවිද්‍යාල 14 ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන්  පැවැත්වුණි.  

මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ  ලේකම් උපාලි හේවගේ  සහ පාපන්දු ලීග් ප‍්‍රවර්ධන නිලධාරී එන්. කේ. අබේසිංහ යන මහත්වරු සහභාගීවු අතර විශ්වවිද්‍යාල 14 ක අධ්‍යක්ෂවරු සහ ශාරීරික අධ්‍යාපන උපදේශකවරුද ඊට සහභාගී වූහ.

විශ්වවිද්‍යාල කී‍්‍රඩා සංගමයේ, සභාපති මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එන්. ටී. සොහාන් විජේසේකර මහත්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම සභාවේදී මෙතෙක් විශ්වවිද්‍යාල පද්ධතියේ පාපන්දු ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනය පිළිබඳව  විශ්ව විද්‍යාල කී‍්‍ර‍ඩා සංගමයේ ලේකම් රුවන් වෙල්ලස්ස මහතා සමාලෝචනයක් ඉදිරිපත් කරමින් සිය අදහස් දැක්වීය.  

විශ්වවිද්‍යාල මට්ටමින් පාපන්දු තරග පවත්වන අතරම සෑම වසරක් පාසාම අන්තර් විශ්වවිද්‍යාල කී‍්‍රඩා තරගාවලියක් මෙන්ම වසර තුනකට වරක් පැවැත්වෙන විශ්වවිද්‍යාල කී‍්‍රඩා තරගාවලිය සඳහාත් පාපන්දු තරග පැවැති නමුත් විශ්ව විද්‍යාල පාපන්දු සංගමය පාපන්දු සංම්මේලනයේ ලීගයක්  ලෙස ලියාපදිංචි කිරීමට මෙතෙක් අවස්ථාවක් නොලද බව පැවසීය.

විශ්වවිද්‍යාල කී‍්‍රඩා සංගමයේ හිටපු ලේකම් ජෙනරාල් වරයෙක්වූ මොරටුව විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂ සී. රත්නමුදලි මහතා පැවසුවේ පාපන්දු ලීගය සකී‍්‍රය කරන ලෙස පාපන්දු සම්මේලන බලධාරීන් විශ්වවිද්‍යාලයීය කී‍්‍රඩා සංගමයට දැනුම් දී ඇති නමුත් එය සාර්ථක කරගත හැකිවූයේ මේ අවස්ථාවේදී බවයි.

පාපන්දු සම්මේලනයේ ලේකම්  උපාලි හේවගේ මහතා පවසා සිටියේ උසස් අධ්‍යාපන ක්ෂෙත‍්‍රයට පාපන්දු ලීගය සකි‍්‍රය කිරීමත් සමග  විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන කී‍්‍රඩකයින්ට එම අවස්ථාව ලැබීමෙන්  කී‍්‍රඩාව තවදුරටත් ව්‍යාප්තවනු දැකීම තමන්ට සතුටට පත්විය හැකි බව පැවසීය.

 


අදහස් (0)

විශ්ව විද්‍යාල පාපන්දු සංගමයත් ලීගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.