ශ්‍රවණාගාරය නවීකරණයට මිලියන 25 ක්
හේමසිරි ප්‍රනාන්දු ශ්‍රවණාගාරය අති නවීන පහසුකම් සහිත ශ්‍රවණාගාරයක් බවට පරිවර්ථනය කිරීමට ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු කරමින් සිටියි. මෙම කාර්යය සඳහා රුපියල් මිලියන 25 ක ව්‍යාපෘතියක් සැප්තැම්බර් මස 17 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර එහි වැඩ කටයුතු නොවැම්බර් මස මුල් සතියේදී අවසන් වීමට නියමිතය.
ආසියානු ඔලිම්පික් කමිටුව ‘ඔලිම්පික් ඒෂියා’ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් 100,000 ක පිරිවැයක් දරයි. අතර ඉතිරි වියදම් සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව සහ පරිත්‍යාගශීලීන් මුදල් යොදවනු ඇත.
ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මෙය මීට කලින් කිරීමට තිබූ දෙයක් බවත්, විවිධ හේතු මත එය නැවත නැවත කල් දැමීමට සිදුවූ බවත්ය. කෙසේ වුවත් ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයට නව මුහුණුවරක් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බවද හෙතෙම පැවසීය.
“ආරම්භයේදී අපි ආසන සහ ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාත්මක කිරීම් ඉහළ ප්‍රමිතියට වර්ධනය කිරීම සඳහා අවධානය යොමු කරනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ලුසෑන්හි පිහිටි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු මූලස්ථානයේ තියෙන පහසුකම් පිළිබඳව අපි අධ්‍යනය කළා. හැකි තරම් ඒවාට ගැලපෙන ආකාරයට අපේ ශ්‍රවණාගාරය නවීකරණය කිරීමට අපි උත්සාහ කරනවා.” යැයිද මැක්ස්වෙල් මහතා සඳහන් කළේය.
-036