Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට ඕමානයේදී තරග දෙකක්

ශ්‍රී ලංකාවට ඕමානයේදී තරග දෙකක්

editorial - 2021 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යාමට පෙර ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානයේ සංචාරයක නිරත වීමට සූදානම් වෙයි. ඒ අනුව ඔක්තෝබර් 7 සහ 9 යන දිනවලදී ඕමානය සමගින් විස්සයි20 තරඟ දෙකට ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සමාන කාලගුණයක් ඕමානයේද ඇති බැවින් ලෝක කුසලානයට සූදානම් වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කදිම අවස්ථාවක් හිමිවනු ඇත.

එම තරග දෙකෙන් පසුව විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන පළමු වටයේ තරග සඳහා ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පැමිණෙන අතර එහිදී අයර්ලන්තය, නෙදර්ලන්තය සහ නැමීබියාව සමගින් ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදිනු ඇත. ඕමානය, බංග්ලාදේශය, ස්කොට්ලන්තය සහ පැපුවා නිව්ගිනියාව ‘බී’ කාණ්ඩය යටතේ ක්‍රීඩා කරනු ඇත.

‘ඒ’ සහ ‘බී’ කාණ්ඩයන්හි ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක ප්‍රධාන තරගාවලිය සඳහා එක්වනු ඇත. වසර 2019 ඔක්තෝබර් මාසය වන විට එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගතකිරීම් අතරේ ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් 8 ප්‍රධාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබාගත්තේය.

“මේ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය සමඟ විස්සයි20 තරඟ දෙකක් ක්‍රීඩා කරනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා යන ගමනේදී ඕමානයට පැමිණීමට ඔවුන් තීරණය කිරීම ගැන අපි අතිශයින් සතුටු වෙනවා” යනුවෙන් ඕමාන් කණ්ඩායමේ ජාතික පුහුණුකරු දුලිප් මෙන්ඩිස් මහතා පැවසීය.

විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන පළමු වටය සඳහා සහභාගී වීමට පෙර පූර්ණ ශක්තියෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කිරීමට ඕමාන් කණ්ඩායමට අවස්ථාව ලැබීම ගැන අපි සතුටු වෙනවා. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර තරග දෙකක් ක්‍රීඩා කිරීමට ලැබීම මගින් කණ්ඩායම දෙකටම තම තමන් පිළිබඳව තක්සේරුවක් ලබාගැනීමට උදව්වනු ඇති” යයි දුලිප් මෙන්ඩිස් මහතා වැඩිදුරටත් පැවසීය.

- 2079

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ඕමානයේදී තරග දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.