Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග 4 ක්

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග 4 ක්

රොෂාන් ගුණරත්න - 2018 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සාෆ්’ පාපන්දු තරගාවලියෙන් පසුවද ජාත්‍යන්තර සුහද පාපන්දු තරග තුනකට සහභාගිවීමට ශ්‍රී ලංකාව මේ වනවිට තීන්දු කර ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා පවසයි. ඒ අනුව මලයාසියාව සමග සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයක් ලබන ඔක්තෝබර් 12 වැනිදා කොළඹ රීඞ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීම මේ වනවිට තහවුරු කර තිබෙන බවත් ඔහු ‘ලංකාදීප’ ය හා කළ විමසුමකදී පැවැසීය.

ඒ අතර සිංගප්පූරුව හා මාලදිවයින සමග සුහද පාපන්දු තරග තුනක් එම මාසයේදීම පවත්වා අවසන් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සැරසේ.

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 4 සිට 15 වැනිදා දක්වා බංගලාදේශයේ ‘ඩකා’ නුවරදීය. ඒ සඳහා සූදානම් වන ශ්‍රී ලංකා ජාතික පාපන්දු පුහුණු සංචිත කණ්ඩායම මේ වනවිට ජපානයේ පුහුණු සංචාරයක් ආරම්භ කරමින් එහි නේවාසික පුහුණුවීම් කරමින් සිටී. 

අනතුරුව දකුණු කොරියාවේ සතියක නේවාසික පුහුණුවක් සඳහා ද ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිත කණ්ඩායම ‘සෝල්’ නුවරට ළඟාවීමට නියමිතය.

පාපන්දු සම්මේලනයේ ලේකම්වරයා වැඩි දුරටත් පැවැසුවේ බංග්ලදේශ ජාතික පාපන්දු කණ්ඩායමට ශ්‍රී ලංකාව සමග සුහද පාපන්දු තරගයකට මේ වනවිටත් ආරාධනා කර තිබෙන බවත් එම තරගය සාෆ් තරගාවලියට පෙර පැවැත්වීමට උත්සාහ කරන බවත්ය.

ආසියානු පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව මේ වනවිට මාලදිවයින 30 වැනි ස්ථානයේද සිංගප්පූරුව හා මලයාසියාව පිළිවෙළින් 35 වැනි හා 36 වැනි ස්ථානයේද පසුවෙති. ශ්‍රී ලංකාව එහි පසුවන්නේ රටවල් 45 වැනි ස්ථානයේය.

සාෆ් තරගාවලියට සහභාගිවන රටවල් අතරින් ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන්ම පසුවන්නේ 97 වැනි ස්ථානයේ පසුවන ඉන්දියාවයි. ආසියානු ශ්‍රේණිගත කිරීම අනුව ඔවුන් පසුගිය ජුනි 7 වැනිදා වනවිට පසුවූයේ 14 වැනි ස්ථානයේය.

ශ්‍රී ලංකාවට මෙවර සාෆ් තරගාවලියේ මූලික වටයේ පළමු තරගය යෙදී ඇත්තේද ඉන්දියාවට එරෙහිවය. ඒ සැප්තැම්බර් 6 වැනිදාය. පසුගියදා කොළඹ පැවැති ලිතුවේනියාවට එරෙහි සුහද පාපන්දු තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව දැනට පසුවන්නේ 200 වැනි ස්ථානයේය. වසර දෙකක්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු තරගවලට සහභාගි නොවීම එම කඩා වැටීමට ප්‍රධානතම හේතුවක් වී තිබේ.

කෙසේ වුවත් පසුගිය ඉරිදා (15) නිමාවට පත්වූ 21 වැනි ලෝක පාපන්දු ශූරතා තරගාවලියක් සමඟ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වෙනස් වනු ඇත.

එහිදී එහි පළමු තැන ලෝක කුසලාන දිනූ ප්‍රංශයටත් දෙවැනි තැන අනුශූරතාව ලද ක්‍රෝඒෂියාවටත් තෙවැනි තැන බෙල්ජියමටත් හිමිවනු ඇත. දැනට එහි පළමු තැනේ සිටින ජර්මනිය හා දෙවැනි තැනේ පසුවන බ්‍රසීලය නවතම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පියවර ගණනාවකින් පහලට යනු ඇත.

මේ අතර මෙරට ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන ශූරයන්ගේ තරගාවලියට සහභාගිවන කණ්ඩායම් හි පුහුණුකරුවන්ට කොටස් වශයෙන් ඉදිරියේදී ලිතුවේනියාව ඇතුළු රටවල් කීපයකදී නේවාසික විශේෂඥ පුහුණුවක් ලබාදීමටද පාපන්දු සම්මේලනය සැළසුම්කර තිබේ.

 


අදහස් (0)

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තරග 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.