Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 8 ක්

ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 8 ක්

ශනුක අරවින්ද - 2013 නොවැ මස 12 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ඉන්දියාවේ ‘රංචි’ නගරයේදී අද (12) නිමාවට පත්වූ දෙවැනි දකුණු ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 14 ක් දිනාගැනීමට සමත්විය.

ශී‍්‍ර ලංකාව ඊයේ දිනයේදී රන් පදක්කම් 2 ක් දිනාගත් අතර අද දිනයේදී දිනාගත් රන් පදක්කම් සංඛ්‍යාව 8 කි. ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ දෙවැනි ස්ථානයට පත්විය. ඉන්දියාව තරගාවලිය ජය ගනිමින් රන් පදක්කම් 21 ක් දිනාගත්තේය.

මේ අතර වසර 2015 දී පැවැත්වීමට නියමිත සිව් වැනි දකුණු ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට නිල වශයෙන් බාරකළ බව රංචි නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසීය.

පළමු දකුණු ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියත් කොළඹදී පැවැත්විණ. රංචි තරගාවලිය වඩාත් චාම්ව පැවැත්වීමට ඉන්දීය ජාතික මලල කී‍්‍රඩා සංගමය කටයුතු කළ අතර ඊට නරඹන්නන්ගේ සහභාගීත්වයද ඉතා අඩු මට්ටමක විය.

මේ අතර මීටර් 110 කඩුලූ ඉසව්වේ රන් පදක්කම දිනාගත් සුපුන් විරාජ් රන්දෙණියගේ දස්කම් කැපී පෙනේ. එහිදී ඔහු තත්ත්පර 13.64 කට තරගය ජය ගත්තේ එහි වසර 16 ක් තිස්සේ නොබිඳී පැවති ශ්‍රී ලංකා වාර්තාවද (තත්ත්පර 14.00 - මහේෂ් පෙරේරා - 1997) අභිබවා යන දස්කම් පළ කරමිනි.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 41 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගීවිය.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව දිනාගත් රන් පදක්කම්
මීටර් 110 කඩුලූ (පිරිමි) - සුපුන් විරාජ් රන්දෙණිය (තත්ත්පර 13.64)
උස පැනීම (කාන්තා) - ජයමාලි ගුණරත්න (මීටර් 1.68)
මීටර් 200 (පිරිමි) - හිමාෂ ඒෂාන් (තත්ත්පර 21.44)
කවපෙත්ත විසි කිරීම (කාන්තා) - අවන්ති  ඕෂදී සිල්වා (තත්ත්පර 41.65)
මීටර් 100 x 4 (පිරිමි) - ශ්‍රී ලංකා කණ්ඩායම (තත්ත්පර 41.42)
මීටර් 100 x 4 (කාන්තා) - ශ්‍රී ලංකා කණ්ඩායම (තත්ත්පර 47.30)
මීටර් 400 x 4 (පිරිමි) - ශ්‍රී ලංකා කණ්ඩායම (විනාඩි 3 තත්තපර 51.04)
මීටර් 400 x 4 (කාන්තා) - ශ්‍රී ලංකා කණ්ඩායම

 

 


අදහස් (2)

ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.