Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට පිට පිටම හය වැනි ජයත්

ශ්‍රී ලංකාවට පිට පිටම හය වැනි ජයත්

editorial - 2024 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ඉන්දියාවේ බැංගලෝර් නුවරදී  ආරම්භවූ 13 වැනි ආසියානු කුසලාන  දැල්පන්දු  තරගාවලියේ අවසන් පූර්ව  වටය අද (26) පැවැත්වේ. එහි ජයග්‍රාහී කණ්ඩායම් දෙක අතර අවසන් මහ තරගය හෙට (27) පස්වරු 2ට පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව අද (26) පැවැත්වෙන අවසන් පූර්ව වටය සදහා අපරාජිතව නිර්දේශ ලබා ගැනීමට සමත්ව සිටියි.ඒ මූලික වටයේ ඔවුන් මුහුණ දුන් තරග හයම ජය ගනිමිණි.

මූලික වටයේ ඊයේ (25) තරග නිමාවේ සහභාගිවූ සිය අවසන් තරගයෙන් මාලදිවයින ලකුණු 80-32 කින් පරාජය කිරීමට අපරාජිත ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ශ්‍රී ලංකාව මූලික වටයේ ඒ කාන්ඩයේ ශූරියන් වෙමින් අද අවසන් පූර්ව  වටයේදී  බී කාන්ඩයේ අනුශූරියන් වූ  හොංකොං මුණ ගැසෙයි.අනෙක් පසින් බී කාන්ඩයේ මූලික වටයේ අපරාජිත ශූරියන් වූ සිංගප්පූරුව හා ඒ කාන්ඩයේ අනුශූරියන් වන මැලේසියාව අතර සෙසු අවසන් පූර්ව තරගය පැවැත්වේ.

කෙසේ වූවත්  මෙවරත් තරගාවලියේ වඩාත්ම විශ්වාසය පළවී ඇත්තේ ගියවර තරගාවලියේ (2022) ශූරියන් හා අනුශූරියන් බවට පත්වූ ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව  හෙට පැවැත්වෙන  අවසන් මහ තරගයට නිර්දේශ ලබා ගැනීමේ වැඩිම ඉඩක් පවතින බවයි.

1985 දී ආරම්භ වූ මෙම තරගාවලිය පුරා කුසලාන වැඩිම වාර ගණනක් දිනා ඇත්තේ  ශ්‍රී ලංකාව හා සිංගප්පූරුවයි.ශ්‍රී ලංකාව 1989 - 1997-2001-2009-2018-2022 යන වසර වලදී පැවැති තරගාවලි ජය ගෙන තිබේ. වසර 2005 -2012-2014  තරගාවලි කුසලාන සිංගප්පූරුව සතු කර ගෙන ඇත.

ඒ අනුව මෙතෙක්  පවත්වා අවසන් කර තිබෙන තරගාවලි 12 න් 10 කම අවසන් මහ තරග සඳහා නිර්දේශ ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වීම  කැපී පෙණෙනම සිදුවීමයි.

ඒ අතර මලයාසියාව 1985 දී හා 2016 දී ආසියානු දැල්පන්දු කුසලාන  දිනා තිබේ. එහිදී මෙතෙක් එකම අවස්ථාවක් පමණක් හොංකොං  එය දිනා තිබෙන අතර ඒ 1993 දී ඔවුන්ගේ සත්කාරයෙන් පැවැති තරගාවලියයි.

1985 -2012 -2014-2016 යන වසරවලදී පැවැති තරගාවලි වලදී ශ්‍රී ලංකාව අනුශූරතාව ලබා තිබේ. 1993 හා 2005 යන වසර හිදී පැවැති තරගාවලදී ශ්‍රී ලංකාවට සිදු වූයේ තෙවැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමටයි.

කෙසේවූවත්  හෙට පැවැත්වෙන අවසන් මහ තරගයට ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව නිර්දේශ ලබා ගැනීමට සමත් වන්නේ නම් එහිදී සිංගප්පූරු  කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක් එල්ල විය හැකි බවට මේ වන විට අනාවැකි පළවී තිබේ.

මෙම  දෙරට පසුගිය (2022) තරගාවලියේ  අවසන් මහ තරගයේ මුණ ගැසීමේදී ශ්‍රී ලංකාව ලකුණු 63-53 කින් ජය ගත්තේය. එහිදී දෙරට මුණ ගැසුණු මූලික තරගය ජය ගත්තේද  (67-49) ශ්‍රී ලංකාවයි. එහෙත්  2023 -කේප්ටවුන් ලෝක කුසලාන තරගාවලි දෙරට මුණ ගැසීමේදී ශ්‍රී ලංකාව ඔවුන්ට දෙවතාවක්ම පරාජය විය.

මේ අතර 13 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියට සමගාමීව බැංගලෝර් නුවරදී  පැවැති ආසියානු දැල්පන්දු  සම්මේලනයේ මහා සභාවේදී මීළග (14 වැනි) තරගාවලියේ සත්කාරය  හොංකොං රාජ්‍යයට ප්‍රදානය කළ බව එහි සභාපතිනී, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානී ලක්ෂ්මී  වික්ටෝරියා මහත්මිය පැවැසුවාය.


අදහස් (0)

ශ්‍රී ලංකාවට පිට පිටම හය වැනි ජයත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.