Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට රන් පදක්කම් 9 ක්

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 9 ක්

editorial - 2024 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

ඉන්දියාවේ චෙන්නායි  නුවරදී ඊයේ (13) නීමාවට පත් සිව් වැනි දකුණු ආසියානු (කනිෂ්ඨ) මලල ක්‍රීඩා  තරගාවලියේදී ශ්‍රී  ලංකාව රන් පදක්කම් නවයක් දිනා එහි දෙවැනි ස්ථානය ලැබීය. ඊයේ තරගාවලියේ අවසන් දිනයේදී  ශ්‍රී  ලංකාව  රන් පදක්කම් පහක් දිනා ගැනීමට සමත්වීම කැපී පෙණුනි.

ඉන් රන් පදක්කම් දෙකක් සහාය දිවීමේ (පිරිමි) ඉසව්වලින් දිනා ගැනීමට ශ්‍රී ලංකාව  සමත් විය. ඒ අනුව වසර 2018 න් පසුව පළමු වතාවට සංවිධානය  කළ චෙන්නායි  තරගාවලියේදීත්  ජයග්‍රාහකයා  බවට පත්වූ ඉන්දියාව එහිදී රන් පදක්කම් 21 ක් හිමි කර ගත්තේය. රිදී  පදක්කම් 22 ක් හා ලෝකඩ පදක්කම්  පහක්ද ඉන්දියාව  හිමි කර ගත්තේය.

එහිදී  විශේෂ  සිදුවීමක්  වන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව හැරෙන්නට  ඊට සහභාගිවූ කලාපයේ  සෙසු කිසිදු  රටක් රන් පදක්කමක් දිනා  ගැනීමට අපොහොසත් වීමයි. කෙසේ වුවත් කොළඹදී  අවසන් වරට පැවැති තෙවැනි තරගාවලියේදී  ශ්‍රී  ලංකාව රන් පදක්කම්  12 ක් දිනා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සමස්ත තරගාවලියේදී රිදී  පදක්කම් නවයක් හා ලෝකඩ පදක්කම් 17 ක්ද දිනා ගැනීමට ද සමත් විය. ඉන්දියාවේ මුළු පදක්කම් එකතුවට රිදී පදක්කම් 22 ක් හා ලෝකඩ පදක්කම් පහක්ද එකතු විය.පදක්කම්  දිනූ සෙසු  රටවල් අතර බංග්ලාදේශය ලෝකඩ පදක්කම් තුනක්, මාලදිවයින ලෝකඩ පදක්කම් දෙකක් හා නේපාලය එක් ලෝකඩ පදක්කමද ලැබීය.

 

ශ්‍රී ලංකාව ඊයේ අවසන් දිනයේදී  (13) දිනා ගත් රන් පදක්කම්

* මීටර්  200 (පිරිමි):- විදුසර විදුෂාන් - (තත්පර 21.33)
* තුන් පිම්ම  (පිරිමි):- ඩී එම්. එච්. කේ.දිසානායක  - (මීටර් 15.09)
* උස පැනීම:- ලෙසදු අර්ථවිදු - (මීටර් 2.17)
* මීටර්  4X100 (පිරිමි):- ශ්‍රී ලංකා කණ්ඩායම (මෙරෝන්  විජේසිංහ - දිනෙත් වීරරත්න - විදුසර විදුෂාන් - කෞෂාල් තමේල්)
* මීටර් 4X400 (පිරිමි):- ශ්‍රී ලංකා කණ්ඩායම (ජත්‍ය කිරුළු - ඩමෙල් ද සිල්වා - එස්.එම්.එස්. රාජකරුණා - පසිඳු නෙත්සර)


අදහස් (0)

ශ්‍රී ලංකාවට රන් පදක්කම් 9 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.