Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලබන වසරේ පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය මේ වසර අවසානයේ සිම්බාබ්වේහිදී පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (19 වැනිදා) තීරණය කර තිබේ. ඒ අනුව කණ්ඩායම් 10 කින් සමන්විත මෙම තරගාවලිය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 5 දක්වා සිම්බාබ්වේ හි හරාරේ ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්වේ.
සිම්බාබ්වේහිදී පැවැත්වෙන තරගාවලියේ හොඳම කණ්ඩායම් 3 ලබන වසරේදී පැවැත්වෙන ලෝක කුෂලාන තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ඇත.
සුදුසුකම් ලැබීමේ තරගාවලිය 2020 ජූලි මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් නවසීලන්තයේ පැවැත්වෙන ප්‍රධාන ලෝක කුසලාන තරඟාවලිය මෙන්ම මෙම තරගාවලියද කල් දැමීමට සිදු විය.
මෙම ලෝක කුසලාන තරගාවලියේ අවසන් ස්ථාන තුන සඳහා පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ අයර්ලන්තය යන කණ්ඩායම් 5 සහ 2019 දී පැවැති කලාපීය තරගාවලියන්හිදී ජයග්‍රහණය ලැබූ කණ්ඩායම් 5 ද ඇතුළත්වේ. අප්‍රිකානු කළාපය නියෝජනය කරමින් සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමද, ආසියාව නියෝජනය කරමින් තායිලන්තයද, නැගෙනහිර පැසිෆික් කලාපය නියෝජනය කරමින් පැපුවා නිව්ගිනියාවද, යුරෝපය නියෝජනය කරමින් නෙදර්ලන්තය සහ ඇමරිකා ශූරයන්වූ ඇමරිකා එක්සත් ජනපදයද සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට ක්‍රීඩා කරනු ඇත.
ලබන වසරේ මාර්තු 4 සිට අප්‍රේල් 3 වැනිදා දක්වා පැවැත්වෙන කණ්ඩායම් අටකින් සමන්විත එක්දින ලෝක කුසලාන තරගවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ මුල් ස්ථාන 3 ට තේරී පත්වන කණ්ඩායම් එක්වේ. තරඟාවලියේ ඊළඟ හොඳම කණ්ඩායම් දෙකද එළඹෙන අයි.සී.සී කාන්තා ශූරතාවලියේදී සිය ස්ථාන තහවුරු කර ගනු ඇත.
මීළඟ අයි.සී.සී කාන්තා ශූරතාවලියේ කණ්ඩායම් සංඛ්‍යාව 8 සිට 10 දක්වා වැඩි වන අතර එමඟින් අවසන් ස්ථාන පහක් සඳහා තරගකාරීත්වයක් ඇතිවේ. අයි.සී.සී කාන්තා ශූරතාවලියේ පළමු ස්ථාන 5 හිමිකරගත් ඕස්ටේ්‍රලියාව, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ස්වයංක්‍රීය සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම් 5 බවට පත්විය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.