Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව වටයේදී ඊශ්‍රාලය හමුවේ වට 2-1 කින් පරාජය වීම හේතුවෙන් ඔක්තෝබර් මස පෘතුගාලයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන රෝද පුටු ටෙනිස් තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි විය. එහෙත් ඉන් අනතුරැව පළමු කොටසේ තෙවැනි ස්ථානය වෙනුවෙන් පැවැති තරගයේදී වට 2-0 ක් ලෙස ග්‍රීසිය පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය.
ගාමිණී දිසානායක, සුරේෂ් ධර්මසේන සහ එල්.එස්. රණවීර සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ.
ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනයේ රෝද පුටු ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙම තරගාවලියට පෙර ධර්මසේන 62 වැනි ස්ථානයේ රැදී සිටි අතර ගාමිණී 82 වැනි ස්ථානයේද, රණවීර 101 වැනි ස්ථානයේදී පසුවූහ.
සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැති අතර එම කාණ්ඩවල ශූරයන් සහ අනු ශූරයන් පමණක් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා වරම් දිනාගත්තේය. ඒ අනුව පළමු කාණ්ඩයෙන් ඊශ්‍රායලය සහ පෝලන්තයද, දෙවැනි කාණ්ඩයෙන් ඔස්ට්‍රියාව සහ චිලී රාජ්‍යයද ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගත්හ.
දෙවැනි වටයේ තරගයකදී ක්‍රොයේෂියාවට එරෙහිව තරග වට 3-0 ක ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී ලංකාව, එහිදී ඊශ්‍රාලය හමුවේ වට 2-1 කින් පරාජය විය.
ඊශ්‍රාලයට එරෙහිව පැවැති තරග වටය කේවල තරග දෙකකින් සහ යුගල තරගයකින් සමන්විත විය. පළමු කේවල තරගයේදී ගයි ශෙෂන් හමුවේ වට 2-1 ක් ලෙස (6/4, 2/6 සහ 6/4) ගාමිණී දිසානායක පරාජයට පත් වුවත්, දෙවැනි කේවල තරගයේදී වට 2-0 ක් ලෙස (6/2 සහ 6/3) ඇඩම් බර්ඩිචෙවුස්කි පරාජය කළ සුරේෂ් ධර්මසේන 1-1 ක් ලෙස තරගය සම තත්වයට පත් කළේය.
කෙසේ වුවත් කණ්ඩායම් දෙකටම තීර්ණාත්මක වූ යුගල තරගයේදී වට 2-0 ක් ලෙස (6/0 සහ 6/4) සුරේෂ් ධර්මසේන සහ එල්.එස්. රණවීර පරාජය කිරීමට ගයි ශෙෂන් සහ ඇඩම් බර්ඩිචෙවුස්කි සමත් වීමත් සමග සමස්ත තරගයේ ජය 2-1 ක් ලෙස ඊශ්‍රාලයට හිමිවිය.
මෙම වසරේ මැයි මස පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන රෝද පුටු ටෙනිස් තරගාවලිය කොරෝනා වසංගතය හේතුවෙන් ඔක්තෝබර් මාසය දක්වා කල් ගියේය. එම තරගාවලියට කණ්ඩායම් 16 ක් සහභාගි වන අතර එංගලන්තය, ප්‍රංශය, ජපානය, ආජන්ටිනාව, බෙල්ජියම, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ඇමරිකාව, කොරියාව සහ බ්‍රසීලය යන රටවල් ඍජුවම සුදුසුකම් ලබා සිටිති.
සෙසු කණ්ඩායම් 6 න් 4 ක් සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියෙන් තෝරාගනු ලබන අතර තවත් කණ්ඩායම් දෙකක් පංගු ක්‍රමය (වයිල්ඩ් කාඩ්) යටතේ තරගාවලියට සහභාගි වීමට නියමිතය. කෙසේ වුවත් පංගු ක්‍රමය යටතේ තරගාවලියට එක්වන කණ්ඩායම් 2 කුමක්දැයි සංවිධායකයන් තවමත් ප්‍රකාශයට පත්කර නොමැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.