Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් ශූරතාවලිය මේ මස 17 වැනිදා දක්වා පැවැත්වෙන නමුත් ඊට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම 14 වැනිදාම ආපසු පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.
කේවල සහ යුගළ තරගාවලයේ මූලික වටයේ තරග පමණක් 13 වැනිදා පැවැත්වෙන අතර පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන 14 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම ආපසු පැමිණීමට සූදානමින් සිටින්නේ එකම ශ්‍රී ලංකා තරගකරුවකුට හෝ තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාමට නොහැකි වේ යැයි යන පූර්ව නිගමනයක සිටින බැවින් බවද දැනගන්නට තිබේ.
තරගාවලිය අවසන් වීමටත් පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණීමට හේතුව විමසීමේදී ඔහු කියා සිටියේ මෙම තරගාවලිය ආසියානු තරගාවලියක් බැවින්ද ආසියාවේ දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සහභාගි වන බැවින්ද කේවල සහ යුගළ ඉසව්වලදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණය කරා යාම අසීරු වන බවයි.
“මේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ අයගේ විභාග නිසා දිගින් දිගටම පුහුණුවීම් කරන්නේ නෑ. ඔවුන් මාස කිහිපයක්ම පුහුණුවීම් නවත්වලා තමයි නැවතත් මේ තරගාවලිය ඉලක්ක කරගෙන පුහුණුවීම් කරන්නේ”
“අපේ අය එහෙම වුණත් අනෙක් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දවසකට පැය හය හතක් එක දිගටම පුහුණුවීම් කරලා, මේ තරගාවලියට එන්නේ වෘත්තීය මට්ටමෙන්” යයිද එම නිලධාරියා පැවසීය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.