Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව සිංගප්පූරුවට පරදී

ශ්‍රී ලංකාව සිංගප්පූරුවට පරදී

editorial - 2023 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවරදී අද (31) රාත්‍රියේ පැවැති 16 වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ ශ්‍රේණිගත තරගයකදී ශ්‍රී ලංකාව සිංගප්පූරුව හමුවේ ලකුණු 55-52 තියුණු පරාජයක් ලැබීය.

එහිදී ශ්‍රී ලංකාව වට 4න් 3 කදී ලකුණු 10/19, 17/07, 13/16, 12/13 ක් ලෙස පසුබෑමකට ලක්විය. මෙහි විශේෂත්වය පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැති ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී ලකුණු 63-53 කට සිංගප්පූරුව පරාජය කළ ශ්‍රී ලංකාව මෙවර ලකුණු 03කින් ඔවුන්ට පරාජය විය. එහි මූලික වටයේ තරගයකදීද ශ්‍රී ලංකාව විසින් සිංගප්පූරුව ලකුණු 67-49 කට පරාජය කිරීමට සමත්විය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව පිටපිටම අත්කරගත් සිවු වැනි පරාජය මෙයයි.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව සිංගප්පූරුවට පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.