Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව හා මලයාසියාව අතර සුහද පාපන්දු තරගය හෙට (12) පස්වරු 6.30ට කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වේ. තරගයට සහභාගි වන මලයාසියානු ජාතික පාපන්දු කණ්ඩායම දැන් දිවයිනට පැමිණ සිටී.
නිමාවට පත්වූ දකුණු ආසියානු පාපන්දු තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ තත්ත්වය විමසා බැලෙන අවස්ථාවක් බවට මෙම තරගය පත්ව තිබේ.
මේ වනවිට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 199 වැනි ස්ථානයේ ද මලයාසියාව 171 වැනි ස්ථානයේ ද පසු වෙති. වසර 2012 දී ශ්‍රී ලංකාවට අවසන් වරට මලයාසියාව මුණගැසුණු සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයේ දී ශ්‍රී ලංකාව ගෝල 6-0ක් ලෙස පරාජයට පත්ව තිබේ.
මලයාසියානු ප්‍රධානතම ජාතික පාපන්දු කණ්ඩායම බවත් එහි ජය පැරදුම කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් ජාත්‍යන්තර තරග අත්දැකීම් ලබාදීම සඳහා මෙම තරගය දෙරට අතර සංවිධානය කළ බවත් පාපන්දු සම්මේලන සභාපති අනුර ද සිල්වා මහතා කියයි.
හෙට තරගය සඳහාත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දකුණු ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ නාවික හමුදා ක්‍රීඩක සුභාෂ් මධුෂාන් නිර්දේශ කර තිබෙන බවත් එහෙත් හදිසි අවශ්‍යතාවයක් මත ඒ සඳහා සුජාන් පෙරේරා ද සූදානම් කර තිබෙන බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.
හෙට තරගය පිළිබඳව ජාතික පාපන්දු පුහුණුකරු රූමි ෆකීර් අලි මහතා පැවැසුවේ දකුණු ආසියානු තරගාවලියේ දී මාලදිවයිනට හොඳ සටනක් දුන් ශ්‍රී ලංකා කණ්ඩායම මලයාසියාවට එරෙහිව ද සටන් කිරීමේදී හොඳ ආත්මශක්තියකින් යුතුව ඒ සඳහා සූදානමින් සිටින බවයි.
එහිදී ආරක්ෂාකාරී ක්‍රීඩා රටාවකට යොමු වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දී ප්‍රතිවාදීන්ට එරෙහිව වඩාත් ගෞරවණීය අන්දමින් තරගය අවසන් කිරීමට දැඩි අදිටනින් පසුවන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
බංග්ලාදේශයේ ‘ධකා’ නුවර දී ඉකුත්දා නිමාවූ 12 වැනි දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමට අපොහොසත් වුවත් එහිදී ශූරතාව දිනාගත් මාලදිවයින සමග මූලික වටයේ තරගය ජය පරායෙන් තොරව (0-0) අවසන් කිරීමට සමත් විය.
එහිදී එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ එහි නිත්‍ය දැල් රකින්නා වන දැනට මාලදිවයින් ක්‍රීඩා සමාජ තරගාවලියට ක්‍රීඩා කරන සුජාන් පෙරේරා විසිනි. ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 44 වැනි ස්ථානයේ දැනට පසු වන්නේය.
සංචාරක මලයාසියානු ජාතික පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස ජාත්‍යන්තර තරග ගණනාවක අත්දැකීම් ලබා සිටින පළපුරුදු ක්‍රීඩකයෙකු වන මොහොමඞ් සකුවාන් අද්හා අබ් රසාන් කටයුතු කරයි.
ශ්‍රී ලංකා නව සංචිතයට දකුණු ආසියානු තරගාවලියට සහභාගි නොවූ නවක ක්‍රීඩකයන් දෙදෙනකු ද නිර්දේශ කර තිබේ.
සංචාරක මාලයාසියානු පාපන්දු කණ්ඩායමට එරෙහිව තරගවදින ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම
සුභාෂ් මධුෂාන් (නායක), වයි.ඩී. ෆසාල්, අනුරුද්ධ වරකාගොඩ, ජූඞ් සුපුන්, චරිත් රත්නායක, නිකලස් හර්ෂ ප්‍රනාන්දු, උදය කීර්ති කුමාර, සජිත් කුමාර මෙන්ඩිස්, මොහොමඞ් රිෆ්නාස්, අෆිල් මොහොමඞ්, ඒ. රහමන්, මරියදාසන් නිදර්ෂන්, කවිඳු ඉෂාන්, සජාන් දිල්හාර ජයසේකර, ඩිලාන් කෞෂල්‍ය ද සිල්වා, එම්. මුස්වාන්, ජීවන්ත ප්‍රනාන්දු, තෆීල් ෆසාර්, අසේල මධුෂාන්, සබීර් රසුෆියා, රිසාක් රිසාඞ්, සුජාන් පෙරේරා, ධනුෂ්ක රාජපක්ෂ
නිලධාරින්:- කළමනාකරු සුනිල් සෙනවීර, පුහුණුකරු:- රූමි ෆකිර් අලි, තාක්ෂණික නිලධාරි:- ජපන් ජාතික චිතාෂි සුසුකී, දැල් රකින්නන්ගේ පුහුණුකරු:- සම්පත් බණ්ඩාර, භෞත චිකිත්සක:- බසීන් මුසින් යන මහත්වරු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.