Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමට ලෝකඩ පදක්කම

ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමට ලෝකඩ පදක්කම

editorial - 2022 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සත්කාරක බංග්ලාදේශය ශූරතාව දිනා ගත් ‘බංගා බන්දු’ කුසලාන ජාත්‍යන්තර කබඩි (පිරිමි) තරගාවලියේදී ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට හිමි ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. තරගාවලියේ රෙගුලාසි මාලාවට අනුව මූලික වටයේදී වැඩිම  ප්‍රසාද ලකුණු ලබා ගැනීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම හිමිවිය.

ලෝකඩ පදක්කම හිමිකරගත් සංචාරක ශ්‍රී ලංකා කබඩි (පිරිමි) කණ්ඩායම අද (25) දිවයිනට ළඟා විය.

මෙම තරගාවලියේදී මූලික වටයේදී මලයාසියාව හා එංගලන්තයට එරෙහිව ලබාගත් ජයග්‍රහණ දෙකේ ලකුණු රැස් කිරීමේ වාසිය මත ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානය තේරීමේදී තරගයකින් තොරව ලෝකඩ පදක්කම හිමිකර ගැනීමේ අවස්ථාව හිමිවිය. කෙසේ වුවත් ශ්‍රී ලංකාව මූලික වටයේ එක් තරගයකදී සත්කාරක බංග්ලාදේශය හමුවේ ලකුණු දෙකකින්  පරාජයට පත් වීමෙන් අවසන් මහ තරගයේ අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

ත්‍රිවිධ හමුදාවේ ප්‍රබල ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් තොරව නවක ක්‍රීඩකයන් බහුතරයකගෙන් සමන්විත ශ්‍රී  ලංකා  කණ්ඩායමක් සහභාගි  කිරීමට ශ්‍රී ලංකා කබඩි සම්මේලනයට සිදුවිය.

එහිදී ශ්‍රී ලංකාව සහභාගි වූ තරග තුනේදීම දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිනා ගැනීම කැපී පෙනුනි. අස්ලම් සාජා එහිදී මලයාසියාව හා බංග්ලාදේශයට එරෙහිව පැවැති තරග දෙකේදීම බංග්ලාදේශ රුපියා 10,000 බැගින් දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය.

ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගය පරාජයට පත්ව  තිබියදී පරාජිත පිලේ ක්‍රීඩකයෙකු එම සම්මානය දිනාගැනීමත් කැපී පෙනේ.

ඒ අතර එල්. තනුෂාන් එංගලන්තයට එරෙහිව ජයගත් තරගයේ  වීරයා සම්මානය දිනා ගත්තේය.

කෙන්යාව ලකුණු 34-31 කට පරාජය කරමින්  බංගා බන්දු කබඩි තරගාවලියේ කුසලාන දිනා ගැනීමට බංග්ලාදේශය සමත්විය.

බංගලාදේශය ජාතික කබඩි සම්මේලනයේ සභාපති අදීෂ් රාහුමාන් මහතා ශ්‍රී ලංකා කණ්ඩාමේ නායක ඩබ්ලිව්. ඒ. ළහිරු සම්පත්ට තෙවැනි ස්ථානයට හිමි කුසලාන හා ලෝකඩ පදක්කම ප්‍රදානය කළ අයුරු. 


අදහස් (0)

ශ්‍රී ලංකා කබඩි කණ්ඩායමට ලෝකඩ පදක්කම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.