Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර ප්‍රොචෙෆ්ස්ට්‍රෝම්හිදී පැවැති දෙවැනි එක්දින තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 31 කින් ජයගැනීමට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අද (14 වැනිදා) සමත්විය. අයි.සී.සී. කාන්තා ශූරතාව යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී තරග 3 කට කණ්ඩායම දෙකම සහභාගීවිය යුතු අතර පළමු තරගය දෙකම ජයගත් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ප්‍රසාද ලකුණු 4 ක් හිමිවිය.
ජයග්‍රහණය සඳහා ඕවර 50 කදී ලකුණු 269 ක ඉලක්කයක් හඹායෑමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පිටියට පිවිසියද ඕවර 5 ක් අවසානයේ වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරගය ටික වේලාවකට නතර කිරීමට සිදුවිය.
නැවතත් ඇරඹී තරගය ඕවර 47 කට සීමාවූ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 262 ක අලුත් ඉලක්කයක් හිමිවිය.
ලකුණු 262 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 46.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 231 ක් පමණි.
වේගවත් පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සාර්ථක ආරම්භයක් ලබාගත් අතර පන්දු 78 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 94 ක් රැස්කිරීමට ඇය සමත්වූවාය. නමුත් පසුපෙළ පිතිකාරියන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ ඉලක්කය හඹායෑමට ඔවුන්ට නොහැකි වූහ.
නායිකාවට අනගි සහයක් ලබාදුන් අනුෂ්කා සංජීවනී පන්දු 68 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 46 ක් රැස්කළ අතර චමරි අතපත්තු සමගින් එක්ව පන්දු 113 කදී ලකුණු 111 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට ඇය සමත්වූවාය.
හර්ෂිතා මාධවී ලකුණු 30 ක් සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 26 ක් රැස්කිරීමට සමත්වුවද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට ඔවුන් අපොහොසත් වූහ.
මරිසේන් කේප් සහ ටුමී සෙකුකුනේ කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව පළමුව පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 268 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.
අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරතවෙමින් පන්දු 34 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 69 ක් රැස්කළ මරිසේන් කේප් හත්වැනි කඩුල්ල සඳහා ෆායී ටනික්ලිෆ් සමගින් එක්ව පන්දු 49 කදී ලකුණු 85 ක සම්බන්ධතාවයක් ගොඩනැගුවාය.
ලෝරා වොල්වර්ඞ් සහ ලාරා ගෝඩල් අර්ධ ශතක ලබාගනිමින් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ. පන්දු 69 කට මුහුණදුන් ලෝරා වොල්වර්ඞ් හතරේ පහර 8 ක් සමගින් ලකුණු 64 ක් රැස්කළ අතර ලාරා ගෝඩල් පන්දු 77 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 52 ක් රැස්කළාය.
අවසන් ඕවර 5 තුලදී එක් කඩුල්ලක් පමණක් අහිමිකරගත් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගෙන් ලකුණු 60 ක් උදුරා ගැනීමට සමත්විය. කවීශා දිල්හාරී කඩුලු 2 ක් දවාගත්තාය.
දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 268
(ඇන්ඩෘ ස්ටේන් 24, ලෝරා වොල්වර්ඞ් 64, ලාරා ගෝඩල් 52, මරිසේන් කේප් නොදැවී 69, කවීශා දිල්හාරී 34/2)
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම - ඕවර 46.2 කදී සියලුදෙනා දැවී 231
(චමරි අතපත්තු 94, අනුෂ්කා සංජීවනී 46, හර්ෂිතා මාධවී 30, නිලක්ෂි ද සිල්වා 26, මරිසේන් කේප් 41/2, ටුමී සෙකුකුනේ 55/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.