Last Update  :  2024-09-18 20:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට බෝනස්

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට බෝනස්

editorial - 2024 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කාම්බෝජය පරාජයට පත් කරමින් ආසියානු කුසලාන (2027 - රියාද්) කාණ්ඩ තෙවැනි වටයට නිර්දේශ ලබා ගත් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ (සංච්තයේ) සියලු ක්‍රීඩකයන්ට රුපියල් ලක්ෂ පහක් දක්වා වන තෑගි මුදලක් බැගින් ප්‍රදානය කිරීම සදහා විධායක සභාවේ අනුමැතිය ලබා ගන්නා බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි.

පෙරේදා (10) කාම්බෝජයේ පොන්ම් - පෙන් නුවරදී ශ්‍රී ලංකාව වාර්තා කළ මෙම ජයග්‍රහණයත් සමග ආසියානු කුසලාන (2027) කාණ්ඩ තෙවැනි වටයට ශ්‍රී ලංකාව නිර්දේශ ලබා ගැනීමට සමත් විය.මෙම තරග වටය 2025 මාර්තු 25 වැනිදා සිට 2026 මාර්තු 31 වැනිදා දක්වා පැවැත්වේ. 2027 ආසියානු කුසලාන (අවසන් වටය) සදහා නිර්දේශ කර ගන්නා කණ්ඩායම් 24 න් දැනටමත් කණ්ඩායම් 18 ක් ප්‍රකාශවී අවසන්ය. ඉතිරි කණ්ඩායම් හය තෝරා ගැනීම සදහා කාණ්ඩ තෙවැනි වටය පැවැත්වේ.

පෙරේදා පොන්ම් - පෙන් නුවරදී සිදු වූයේ එකී තෙවැනි කාණ්ඩ වටයට ලංකාවද නිර්දේශ ලබා ගැනීමයි.ඒ සදහා දෙරට අතර කොළඹදී පැවැති පළමු තරගය සම වීමත් තීරණාත්මක බලපෑමක් කළේය. මෙම කණ්ඩායම් 24 කාණ්ඩ හයකට බෙදා පැවැත්වෙන තෙවැනි කාණ්ඩ තරග වටයේ ජයග්‍රාහකයන් හය දෙනා 2027 ආසියානු කුසලාන අවසන් වටයට (කණ්ඩායම් 24 ට) නිර්දේශ ලබා ගැනේ.

කාම්බෝජයට ගිය ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (11) රාත්‍රීයේදී දිවයිනට ළඟාවීමට නියමිතව තිබුණි.ඒ වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය කටයුතු යොදා තිබුණි.

මේ අතර කාම්බෝජය පරාජය කිරීමත් සමග ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව දැනට කල් ගෙවන 205 වැනි ස්ථානයේ සිට 200 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු ආයතනය මේ වන විට පූර්වෝපකථනය කර තිබේ.

ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව මේ වන විට අවසන් (46)ස්ථානය දක්වා පහළටම වැටී තිබෙන අවස්ථාවකදී ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 180 වැනි ස්ථානයේ පසුවූ කාම්බෝජය පරාජය කිරීමට සමත්වීම කැපී පෙනේ.


අදහස් (0)

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට බෝනස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.