Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මැයි මාසයේදී බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිතය.
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත්වෙන අතර මැයි 8 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙක් පිටත්ව යාමට නියමිතය.
මැයි 11 සහ 12 යන දෙදින තුල චැටෝග්‍රෑම්හිදී පුහුණු තරගයකට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 15 වැනිදා සිට 19 වැනිදා දක්වා චැටෝග්‍රෑම්හිදී පළමු ටෙස්ට් තරගයටත්, මැයි 23 සිට 27 වැනිදා දක්වා ඩකාහිදී දෙවැනි ටෙස්ට් තරගයටත් සහභාගිවනු ඇත.
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තරග 4 කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 2 ක් ජය ගෙන ඇති අතර තරග 2 ක් පරාජයට පත්වී ඇත. ඒ අනුව 50% ක තරග ජයග්‍රාහී ප්‍රතිශතකයක් රඳවාගෙන ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසුවන්නේය.
තරග 4 කට ක්‍රීඩා කර ඇති බංග්ලාදේශ කණ්ඩායම ඉන් එක් තරගයක් පමණක් ජය ගෙන ඇති අතර තරග 3 ක් පරාජයට පත්වෙමින් 25% ක තරග ජයග්‍රාහී ප්‍රතිශතකයකයට හිමිකම් කියනු ලැබේ. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ඔවුන්ට හිමිව ඇත්තේ 8 වැනි ස්ථානයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.