Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ආසියානු රග්බි සංගමයේ සංවිධානත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති වයස අවුරුදු 18 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා යොවුන් රග්බි කණ්ඩායම එහි තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.
‘බී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ මූලික වටයේදී තායිලන්ත (27-00) සහ චීන තායිපේ (29-12) කණ්ඩායම් වලට එරෙහිව පැවැති තරග ජයගනිමින්, හොං කොං (17-17) කණ්ඩායමට එරෙහිව පැවැති තරගය සමව අවසන් කර ගත්තේය.
මූලික වටය අවසන් වන විට හොං කොං කණ්ඩායම සම ශ්‍රී ලංකාව ලකුණු 11 බැගින් සම ලකුණු ලබා සිටියද, සහභාගි වූ තරගවලදී ලැබූ ලකුණු සහ දුන් ලකුණු අතර පරතරයට අනුව හොං කොං කණ්ඩායම ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානයටද, ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයටද පත් විය.
ඒ අනුව හොං කොං කණ්ඩායම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ අතර ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයට සහභාගි වීමට සිදුවිය. කෙෙස් වුවත් අවසන් මහ තරගයේදී එක්සත් අරාබි එමීර් කණ්ඩායම හමුවේ පරාජය වූ හොං කොං කණ්ඩායමට තරගාවලියේ අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
එහෙත් තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී මැලේසියාවට එරෙහිව ලකුණු 17-14 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා යෞවනයෝ සමත් වූහ. ඒ අනුව මැලේසියාව තරගාවලියේ සිවුවැනි ස්ථානය දක්වා ඇද වැටිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.