Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අද (27 වැනිදා) සමත්විය.
වේල්ස් කුමර විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී කරන්දෙණිය මධ්‍ය විද්‍යාලයට එරෙහිව කඩුලු 3 ක ජයක් ලබාගැනීමට ශ්‍රී සුමංගල විද්‍යාලය සමත්විය.
ශලන ඉෂාර සහ ජනිඳු ඉනුවර කඩුලු 3 බැගින් දවාගනිමින් කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.
කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය - ඕවර 47.5 කදී සියලුදෙනා දැවී ලකුණු 169
(රවිඳු මිලාන් 56, සමිත් ඉසුරු 30, දිලිප් කුමාර 23, ශලන ඉෂාර 20/3, ජනිඳු ඉනුවර 28/3)
ශ්‍රී සුමංගල විද්‍යාලය - ඕවර 33.5 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 170
(ප්‍රභාෂ් ජයසේකර 30, සහනජිත් ප්‍රනාන්දු නොදැවී 32, පූර්ණ ප්‍රභාත් 33, සසිඳු ද සිල්වා 22, මිහිරංග ප්‍රනාන්දු 20, රවිඳු මිලාන් 28/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.