Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව නොසළකා හැරීම ගැන සොයන්න කමිටුවක්

ශ්‍රී ලංකාව නොසළකා හැරීම ගැන සොයන්න කමිටුවක්

editorial - 2024 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

විදේශීය  වෘර්තීමය ලීග් තරග මාලා සදහා  සහභාගි වෙමින් සිටියදී ශ්‍රී  ල‍‍ංකාවේ කැදවීම්  වලට අවනත නොවූ බව කියන වොලිබෝල් ක්‍රීඩකයන් දෙදෙනකුට එරෙහිව  විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී  ලංකා වොලිබෝල් සම්මේලනය සැරසේ.

ඒ සදහා ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය  පොලිස්පති, වොලිබෝල් සම්මේලනයේ  විධායක  සභික  සංජීව  මැදවත්ත මහතාගේ සභාපතිත්වයෙන් යුත්  ත්‍රී පුද්ගල කමිටුවක් වොලිබෝල් සම්මේලනයේ  විධායක  කමිටුව විසින් පත් කර තිබේ.

එහි සෙසු සාමාජිකයන් දෙදෙනා වන්නේ වොලිබෝල්  සම්මේලනයේ  උප සභාපති  හිටපු  නියෝජ්‍ය  පොලිස්පති නිමල් පෙරේරා  හා විධායක  සභික  විශ්‍රාමික මේජර් ජනරාල් මංජුල කාරියවසම්  යන මහත්වරුන්ය.

ඩුබායි  නුවරදී ලීග් තරගාවලියකට සහභාගිවී සිටින තරූෂ  චමත් හා ස්විට්සර්ලන්තයේ  ලීග්  තරගාවලියකට සහභාගිවී සිටින  මහේල  ඉන්දීවර යන ශ්‍රී ලංකා ජාතික (පිරිමි ) වොලිබෝල්  කණ්ඩායමේ නිත්‍ය  ක්‍රීඩකයන් දෙදෙනකුට එරෙහිව  මෙම  විමර්ෂනය පැවැත්වේ.

ශ්‍රී  ලංකා වොලිබෝල්  සම්මේලනය සමග බැදුණු ගිවිසුම්  උල්ලංඝනය  කරමින් එහි කැදවීම් වලට අවනත නොවෙමින් කටයුතු කිරීම මොවුන්ට එල්ලවී තිබෙන  චෝදනාවයි.

වසරේ අප්‍රේල්  15 වැනිදා සිට ඔක්තෝබර්  15 වැනිදා දක්වා ශ්‍රී ලංකා ජාතික වොලිබෝල්  (පිරිමි ) කණ්ඩායම  සහභාගි  වන ජාත්‍යන්තර තරග මාලා සදහා  ශ්‍රී ල‍‍ංකාවේ කැදවීම්  අනුව මෙම  ක්‍රීඩකයන්  දෙදෙනා අවනතව කටයුතු  කළ යුතු බවට එහිදී අනිවාර්ය කොන්දේසියක් පනවා තිබුණු බව වාර්තාවේ.

කෙසේවුවත්  පාකිස්තානයේ  ලාහෝර්  නුවරදී  ඉකුත්දා පැවැති ශ්‍රී ල‍‍ංකා  කණ්ඩායමේ  මධ්‍යම  ආසියානු  වොලිබෝල් තරග සංචාරයට කළ කැදවීම්  වලට මෙම  ක්‍රීඩකයන්  දෙදෙනා නනොසළකා හරිමින් කටයුතු කළ බවට මෙම  ශ්‍රී  ලාංකික  ක්‍රීඩකයන්  දෙදෙනාට  වොලිබෝල්  සම්මේලනය චෝදනා කරයි

ඇතිවී තිබෙන තත්වය පිළිබඳව  එම ලීග්  තරග සංවිධායකයන්ද දැනුවත් කළත් මෙම  ක්‍රීඩකයන් දෙදෙනා ඔවුන්ගේ උපදෙස්ද නොසළකා  හැර ඇතැයි වොලිබෝල්  සම්මේලනය  වැඩිදුරටත්  චෝදනා  කරයි.

මේ අතර  ස්විට්සර්ලන්තයේ  ක්‍රීඩා කරන මහේල ඉන්දීවර මේ වන විට මෙරට වොලිබෝල් සම්මේලනයට දැනුම්දී ඇත්තේ තමන් අධ්‍යාපන  කටයුතු  සදහා  තවදුරටත්  එරට රැදෙමින් කටයුතු කිරීමට තීරණය  කර තිබෙන බවයි. මේ නිසා තමන් ජාතික  වොලිබෝල්  කණ්ඩායමේ බැදීම් වලින් නිදහස්  වන බවත් ඔහු වැඩිදුරටත් දැනුම්දී  තිබේ.

ඒ අතර තමන් අසනීපයෙන්  කල් ගෙවන බවට වෛද්‍ය  සහතිකයක්  පසුව ඩුබායි නුවර ක්‍රීඩා කරන තරූෂ චමත් විසින්  වොලිබෝල්  සම්මේලනයට එවා තිබේ.ලාහෝර්  සංචාරය  මග හැරුණේ  ඒ නිසා බවත්  ඔහු එහිදි  වැඩිදුරටත්  දැනුම්දී  තිබේ

එහෙත් මෙම  ක්‍රීඩකයාගේ හැසිරීම වොලිබෝල් සම්මේලනයේ  අවධානයට යොමුවී  ඇත්තේ අසනීපව  කල් ගෙවන බව කියූ මොහු එකී කාලය තුළදී  ඩුබායි  නුවරදී  වොලිබෝල් තරග කීපයකට සහභාගි වෙමින් එහි දර්ශන හා ඡායාරූප මුහුණු  පොත (ෆේස් බුක්) ඔස්සේ  පළ කිරීමය.

ඒ අනුව  මෙම  ක්‍ර්‍රීඩකයාගේ අසනීප තත්ත්වය  පිළිගැනීම වොලිබෝල්  සම්මේලනය  මේ වන විට ඉවත දමා තිබේ.

කෙසේවුවත්  මෙම  ක්‍රීඩකයන් දෙදෙදෙනා ශ්‍රී  ල‍‍ංකා වොලිබෝල් සම්මේලනයට අවනත නොවෙමින් හැසිරීමේ මෙම  සිදුවීම පිළිබඳව දැනටමත් අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනය දැනුවත් කර තිබේ.

ඉදිරියේදී  වෘර්තීමය  වොලිබෝල් තරග  මාලා සදහා සහභාගි  වන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැඩි කොන්දේසි පැනවීමටද මෙම  තත්ත්වය  යටතේ වොලිබෝල්  සම්මේලනය තීරණය  කර ඇත.

ක්‍ර්‍රීඩක ක්‍රීඩිකාවන් මෙලෙස  විදේශීය  වූර්තීය  ලීග්  තරග මාලා සදහා  සහභාගිවීමේදී හා ඒ සම්බන්ධයෙන්  ගිවිසුම්  නැවැත අලුත් කිරීමේදී ඒ සදහා  සිය රටේ ජාතික  වොලිබෝල්  සංගමයෙන්  අනුමැතිය  ලබා ගැනීම අනිවාර්ය වේ.


අදහස් (0)

ශ්‍රී ලංකාව නොසළකා හැරීම ගැන සොයන්න කමිටුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.