Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ යාපනය ශාන්ත ජෝන් විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 23 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.
එහිදී ශාන්ත අන්තෝනි විදුහලේ සසිඳු අවිෂ්ක ලකුණු 13 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 34.5 කදී සියලු දෙනා දැවී 54
(සසිඳු අවිෂ්ක 13/4, චමෝද් සංදීප 01/2, තරුන් ඉන්දීප 17/2)
ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 4 ක් දැවී 154
(හර්ෂ වීරසූරිය 30, රිද්ම භාෂික නොදැවී 29, ඩිලංක මධුෂංක නොදැවී 28, කවිඳු විහඟ 27, සසිඳු අවිෂ්ක 26)
ශාන්ත ජෝන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 27.3 කදී සියලු දෙනා දැවී 77
(හිතේෂ් රුවන්ද 17/3, ඩිලංක මධුෂාන් 09/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.