Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත ආනා විදුහල කඩුලු 4 කට ලකුණු 139 යි

ශාන්ත ආනා විදුහල කඩුලු 4 කට ලකුණු 139 යි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුරුණෑගල මලියදේව විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 35 වැනි ‘ඇතුගල්පුර හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය (22 වැනිදා) නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි ශාන්ත ආනා විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 139 ක් ලබා සිටියේය.

ඒ අනුව ශාන්ත ආනා විදුහල, තවත් කඩුලු 6 ක් ඇතැතිව මලියදේව විදුහල් පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 33 ක් පසුපසින් සිටියි. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ කවිඳු රණසිංහ (64) ශාන්ත ආනා විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත්තේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් මලියදේව විදුහල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 172 ක් ලබාගත් අතර මලියදේව ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ චාලුක අතපත්තු ලකුණු 48 ක් රැස්කළේය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රිෂිත පෙරේරා ලකුණු 15 කට කඩුලු 4 ක් දවාගත් අතර මලියදේව පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා රිෂිතට අනගි සහායක් දුන් පසිඳු තෙන්නකෝන් ලකුණු 53 කට කඩුලු 3 ක් බිඳහෙළීය.


මලියදේව විදුහල් පළමු ඉනිම - ඕවර 53 කදී සියලු දෙනා දැවී 172
(චාලුක අතපත්තු 48, විදත් බටේපොල 32, සුපුන් සුමනරත්න 26, රිෂිත පෙරේරා 15/4, පසිඳු තෙන්නකෝන් 53/3)

ශාන්ත ආනා විදුහල් පළමු ඉනිම - ඕවර 40 කදී කඩුලු 4 ක් දැවී 139
(කවිඳු රණසිංහ 64, ක්‍රිෂාන්ත පියතිලක 35)

 


අදහස් (0)

ශාන්ත ආනා විදුහල කඩුලු 4 කට ලකුණු 139 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.