Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත ජෝෂප් යළිත් අවසන් තරගයේ

ශාන්ත ජෝෂප් යළිත් අවසන් තරගයේ

editorial - 2022 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සමත් විය. මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී කඳාන ද මැසිනොද් විදුහලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් ශා. ජෝෂප් ක්‍රීඩකයෝ අවසන් තරගයට පිවිසියහ. 

මූලික වටයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි, ගල්කිස්ස සාන්ත තෝමස්, මොරටුව ශාන්ත සෙබස්තියන්, මාතර ශාන්ත තෝමස් සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ශාන්ත ජෝෂප් විදුහල, එහිදී කොළඹ වෙස්ලි විදුහල පරාජය කරමින් අපරාජිතව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේය. 

අද පැවැති අවසන් පූර්ව තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 139 ක ඉලක්යක් හඹාගිය ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ ඕවර 27.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු හිරුන් මතීෂ පන්දු 84 කදී හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 64 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් මැසිනොද් විදුහලට මුදිත ලක්ෂාන් ප්‍රමුඛ ජෝෂප් විදුහල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 38.1 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 138 ක් පමණි. එහිදී ලක්ෂාන් ලකුණු 8 කට කඩුලු 3 ක් දවාගත් අතර මිතිර තේනුර සහ යෙනුල දෙව්තුස කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

ඉකුත් වසරේ (2021) පැවැති තරගාවලියේදී පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගනු ලැබුවේද ශාන්ත ජෝෂප් විදුහල විසිනි. 

මැසිනොද් විදුහල - ඕවර 38.1 කදී සියලු දෙනා දැවී 138 
(අෂේන් සිල්වා 56, මිතුල් සෙනරත් 23, මුදිත ලක්ෂාන් 08/3, මිතිර තේනුර 22/2, යෙනුල දෙව්තුස 29/2) 

ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 27.2 කදී කඩුලු 5 ක් දැවී 140 
(හිරුන් මතීෂ නොදැවී 64, දුනිත් වෙල්ලාලගේ 37, හිරාන් ජයසුන්දර 20) 
 

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් යළිත් අවසන් තරගයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.