Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ නුගවෙල මැදි විදුහල සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායම අතර නුගවෙල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.
එහිදි දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායමේ ඬේමියන් ද සිල්වා ලකුණු 56 කට කඩුලු 10 ක් දවාගත්තේය.
නුගවෙල මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 91
(අරුජ් ඒකනායක 38, ඩේමියන් ද සිල්වා 10/8, ෂෙනෝද් සොයිසා 34/2)
ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ පිලේ පළමු ඉනිම - ඕවර 35 කදී කඩුලු 6 ක් දැවී 140
(ඇන්ජලෝ සුබසිංහ නොදැවී 32, නිමතක ගුණවර්ධන 29, අනික් ප්‍රනාන්දු 26, මනුල පොල්කොටුව 32/2, අරුජ් ඒකනායක 36/2)
නුගවෙල මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 32 කදී කඩුලු 8 ක් දැවී 117
(හර්ෂණ විජේකෝන් 32, මනුල පොල්කොටුව 20, ෂෙනල්ක පීරිස් 14/3, සෙනාෂ් දේවින්ද 17/3, ඩේමියන් ද සිල්වා 46/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.