මහනුවර විද්‍යාර්ථ විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 61 වැනි වාර්ෂික ‘සුරතලුන්ගේ සටන’ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (8 වැනිදා) පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සිල්වෙස්ටර් විදුහල කඩුලු 9 ක් දැවී ලකුණු 224 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.
ශාන්ත සිල්වෙස්ටර් විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ අවිඳු හේරත් ලකුණු 76 ක් රැස්කළ අතර ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි නිෂාන්ත ජයවර්ධන නොදැවී ලකුණු 46 ක් ලබා සිටියේය.
කාසියේ වාසිය දිනූ විද්‍යාර්ථ විදුහල් කණ්ඩායමේ නායක ඉසුරු ප්‍රබෝධ, පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශාන්ත සිල්වෙස්ටර් විදුහලට ආරාධනා කර සිටියේය. මෙදුනක විජේතිලක ලකුණු 49 කට කඩුලු 4 ක් දවාගනිමින් විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 72 කදී කඩුලු 9 ක් දැවී 224
(අවිඳු හේරත් 76, නිෂාන්ත ජයවර්ධන නොදැවී 46, කෙවින් නිම්ෂාන් 38, මෙදුනක විජේතිලක 49/4, ඉෂාන් සංගීත් 30/3, කසුන් කරුණාතිලක 40/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.