Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත සිල්වෙස්ටර් විදුහල එක්දින තරගය ජයගනී

ශාන්ත සිල්වෙස්ටර් විදුහල එක්දින තරගය ජයගනී

ශනුක අරවින්ද - 2019 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර විද්‍යාර්ථ විදුහල සහ කටුගස්තොට ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර පැවැති ‘සුරතලුනගේ සටන’ මහා ක්‍රිකට් තරගයට සමගාමීව අස්ගිරිය ක්‍රීඩාංගණයේදී ඊයේ (24 වැනිදා) පැවැති 31 වැනි වාර්ෂික එක්දින තරගය කඩුලු 5 කින් ජයගැනීමට ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 168 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත සිල්වෙස්ටර් විදුහල් ක්‍රීඩකයෝ ඕවර 46.1 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී නොදැවී ලකුණු 52 ක් රැස්කළ නදීර බාලසූරිය සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් විද්‍යාර්ථ විදුහල ඕවර 47.2 ක් අවසානයේ ලකුණු 167 කට සීමා කිරීමට සිල්වෙස්ටර් විදුහල් පන්දු යවන්නෝ සමත් වූ අතර එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ පසන් හෙට්ටිආරච්චි ලකුණු 25 කට කඩුලු 3 ක් දවාගත්තේය.

විද්‍යාර්ථ විදුහල - ඕවර 47.2 කදී සියලු දෙනා දැවී 167
(කසුන් කරුණාතිලක 46, කවිෂ්ක දිල්හාර 31, දුමිඳු ඉමන්ත 27, පසන් හෙට්ටිආර්ච්චි 25/3, නිෂාන්ත ඉන්ද්‍රජිත් 30/2, මනෝහරන් පවිත්‍රන් 29/2)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල - ඕවර 46.1 කදී කඩුලු 5 ක් දැවී 169
(නදීර බාලසූරිය නොදැවී 52, අවිඳු හේරත් 40, පසන් හෙට්ටිආරච්චි 22)


අදහස් (0)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල එක්දින තරගය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.