Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. අන්තෝනී අසීරු අඩියක

ශා. අන්තෝනී අසීරු අඩියක

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ II වන කොටසේ තවත් තරගයක් වත්තල ශා. අන්තෝනී විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී ඊයේ (08 වැනිදා) ආරම්භ විය.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ශා. අන්තෝනී විද්‍යාලයටලකුණු 47 කට දවා ගැනීමට රාහුල පන්දු යවන්නෝ සමත්විය. පිතිකරුවන්ට සාර්ථක වීමට ඉඩ නොදීමට එස්. හේවානදුගල (11/4), එච්. රාජපක්ෂ (6/2) සහ පී. සමරතුංග (10/2) වගබලා ගත්හ.
රාහුල පිතිකරුවන් කඩුලූ 6 කට ලකුණු 239 ක් ලබා ඉනිම අත්හිටුවා ශා. අන්තෝනී පිළට නැවත් පන්දුවට පහරදීමට ආරාධනා කළේය. රාහුල විද්‍යාලය වෙනුවෙන් එච්. රාජපක්ෂ (77) සහ සහන් මදුකල්ප (නොදැවී 50) අර්ධ ශතක ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුහ.
ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා ලකුණු 192 ක ඉලක්කයක් කරා ගිය ශ. අන්තෝනි පිතිකරුවෝ යළිත් අසාර්ථක වෙමින් අද දිනය නිමවනවිට ලකුණු 66 කට කඩුලූ 6 ක් අහිමි කරගත්හ.

ශා. අන්තෝනී විදුහල පළමු ඉනිම  ඕවර 27.3 කදී සියලූ දෙනා දැවී 47
(සුපුන් ඩයස් නොදැවී 11, එස්. හේවානදුගල 11/4, එච්. රාජපක්ෂ 6/2, පී. සමරතුංග 10/2)

රාහුල විදුහල පළමු ඉනිම  ඕවර 44 කදී සියලූ දෙනා දැවී කඩුලූ 6 ක් 239
(එච්. රාජපක්ෂ 77, සහන් මදුකල්ප නොදැවී 50, කේ. හසංග 35, දක්ෂිණ සුගීශ්වර 35, ආර්. ගුණවර්ධන 24, එස්. මුණවීර 48/3)

ශ. අන්තෝනී විදුහල දෙවන ඉනිම  ඕවර 21 කදී කඩුලූ 6 ක් දැවී 66
(ජේ. සචින් නොදැවී 24, ටී. ප‍්‍රසන්න 20, පී. සමරතුංග 14/2)


අදහස් (0)

ශා. අන්තෝනී අසීරු අඩියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.