Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ඇලවීසියස් - විද්‍යාලෝක එක්දින තරගය 10 දා
ගාල්ලේ අභිමානය ක්‍රිකට් තරගය

ශා. ඇලවීසියස් - විද්‍යාලෝක එක්දින තරගය 10 දා

editorial - 2024 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ගාල්ල ශාන්ත ඇලවීසියස් විද්‍යාලය සහ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය අතර සිව් වැනි වරටත් සංවිධානය කෙරෙන වාර්ෂික ‘ගාල්ලේ අභිමානය‘ එක්දින ක්‍රිකට් තරගය මේ මස 10 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී ශාන්ත ඇලවීසියස් විදුහල් කණ්ඩායම පළමු කොටසෙන්ද විද්‍යාලෝක විදුහල් කණ්ඩායම දෙවන කොටසෙන් ද තරග කරනු ලබයි. මෙවර ‘ගාල්ලේ අභිමානය‘ එක්දින  තරගයේ සත්කාරකත්වය ගාල්ල ශාන්ත ඇලවීසියස් විද්‍යාලයට හිමිවී තිබේ.
මෙතෙක් පැවැති තරග තුනේදීම ජය ගාල්ල ශාන්ත ඇලවීසියස් විද්‍යාලයට හිමිවී තිබේ. 

විදුර ලක්ෂාන් ශාන්ත ඇලවීසියස් විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබයි. 

විනෝද් ධනුෂ්ක, දෙනෙත් දේවින්ද, තීක්ෂණ තාරුක, සී.පරණවිතාන, කවිඳු අමරසිංහ, හසිත සුරංග, සසිඳු රන්දීප, දුල්සත් නිම්විරු , ප්‍රභාත් නිර්වන්, සෙවිත දුල්මල්, එමල්ෂ ප්‍රභාසර, ගමිනිදු ඉම්සර, සසිඳු මධුසර, නවිඳු පමෝද් සහ කවිඳු එදිරිසිංහ කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති. 

ශාන්ත ඇලවීසියස් ක්‍රිකට් කණ්ඩායම භාර අචාර්යවරයා ලෙස එස්.එච්.අයි.ධනුෂ්ක මහතාද ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු පෙරීන් සිල්වා සහ සහාය පුහුණුකරු ලෙස සමිත් ශිරෝමන් යන මහත්වරු ද කටයුතු කරති.

ගාල්ලේ අභිමානය‘ තරගාවලියේ මංගල ජය ලබා ගැනීමේ අරමුණින් දසුන් චමෝද් විද්‍යාලෝක විදුහල් කණ්ඩායමේ නායකයා  ලෙස කටයුතු කරයි. 

ප්‍රගීත් බිම්සර, ප්‍රභාත් කුමාර, නිමේෂ්  ආවින්ද, ලිඳුල  නුවන්ග , සෙනෙරු නිඳුවර, පසන් මධුශංක, සඳිල් සෙනුද, මිතිල සිරිමෙවන්,  ඉඳුවර මෙන්ඩිස්, දක්ෂින හසරංඟ, තරුෂ ජයමිත්, ගජත සහිරු,  සුමීර සජන්ක, නිම්නද පෙරේරා, යසිත් දීමන්ත, දුමිදු සත්සර විද්‍යාලෝක කණ්ඩායමේ සෙසු සාමාජිකයෝ වෙති. 

විද්‍යාලෝක විදයාලයේ ක්‍රිකට් කණ්ඩායම භාර ආචර්යවරයා ලෙස එල්. ආර්. මනතුංග  මහතා ද ක්‍රිකට් පුහුණුකරු ලෙස තුසිත කාරියවසම් මහතා ද කටයුතු කරති.

 

ශාන්ත ඇලවීසියස් විදුහල් කණ්ඩායම

 


විද්‍යාලෝක විදුහල් කණ්ඩායම


අදහස් (0)

ශා. ඇලවීසියස් - විද්‍යාලෝක එක්දින තරගය 10 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.