Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ප්‍රධානතම කතෝලික පාසල් දෙක වන මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර ‘ශාන්තුවරයන්ගේ සංග්‍රාමය’ 86 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය මේ මස 6 සහ 7 දෙදින පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ‘මොරිස් ජේ. ලෙගෝ පියනම’ කුසලාන සඳහා පැවැත්වේ.
දෙවිදුහල් අතර මේ දක්වා පැවැති මහා ක්‍රිකට් තරග 85 දී ශාන්ත ජෝශප් විදුහල තරග 12 ක් ද, ශාන්ත පීතර විදුහල තරග 10 ක් ද, ජය ලබා තිබේ. ශාන්ත ජෝශප් විදුහල අවසන් වරට 2008 වසරේ රුවන්ත ප්රනාන්දුපුල්ලේගේ නායකත්වයෙන්ද, ශාන්ත පීතර විදුහල අවසන් වරට 2016 වසරේ විනූ මොහොට්ටිගේ නායකත්වයෙන් ද, ජය ලබා සිටියි.
ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස්, ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න, තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා, හිටපු ටෙස්ට් ක්‍රීඩකයන් වන ඈෂ්ලි ද සිල්වා, මයිකල් වැන්ඩොට් සහ වර්තමාන ටෙස්ට් ක්‍රීඩකයන් වන රොෂේන් සිල්වා සහ සදීර සමරවික්‍රම, ශාන්ත ජෝශප් විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙති.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, විනෝදන් ජෝන්, අමල් සිල්වා, රසල් ආනල්ඞ්, කෞෂල්‍ය ලොකුආරච්චි, මලින්ද වර්ණපුර සහ ඇන්ජලෝ පෙරේරා, ශාන්ත පීතර විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෝ වෙති.
මෙවර ශාන්ත ජෝශප් විදුහල් පිලේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක ජොහෑන් ද සිල්වා ද, ශාන්ත පීතර විදුහල් පිලේ නායකයා ලෙස ශනෝන් ප්‍රනාන්දු ද, කටයුතු කරති.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කරමින් යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ දකුණතින් දඟ පන්දු යවන අෂේන් ඩැනියල් සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ මෙවර ශාන්ත ජෝශප් විදුහල් පිලට දැඩි ශක්තියක් ආරෝපණය කරති.
ශාන්ත ජෝශප් විදුහලේ මෙම තරග වාරයේ වැඩිම ලකුණු ලාභියා වන ශිරාන් ෆොන්සේකා ශතක දෙකක් සහ අර්ධ ශතක අටක් සමගින් ලකුණු 1000 සීමාව පසුකිරීමට සමත්ව සිටියි. දිනෙත් ජයකොඩි (ලකුණු 763), දුනිත් වෙල්ලාලගේ (748) සහ ජොහෑන් ද සිල්වා (ලකුණු 731) මෙවර ශාන්ත ජෝශප් විදුහල් පිලේ සෙසු ප්‍රබල පිතිකරුවෝ වෙති.
දඟ පන්දු යවන මිගාර වික්‍රමගේ මෙම තරග වාරයේ කඩුලු 65 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. වයස 19 න් පහළ සංචිතය නියෝජනය කරන දුනිත් වෙල්ලාලගේ කඩුලු 61 ක් ද දවාගෙන තිබේ.
ශාලින්ද සෙනෙවිරත්න, අෂේන් ඩැනියල් සහ නායක ජොහෑන් ද සිල්වා, ශාන්ත ජෝශප් විදුහලේ සෙසු ප්‍රබල පන්දු යවන්නෝ වෙති.
නිපුනක ෆොන්සේකා මෙම තරග වාරයේ ලකුණු 528 ක් රැස්කරමින් ශාන්ත පීතර විදුහල් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. කනිෂ්ක මධුවන්ත (ලකුණු 451) සහ වනුජ සහන් (ලකුණු 412), නායක ශනෝන් ප්‍රනාන්දු (ලකුණු 375) සෙසු ප්‍රබල පිතිකරුවෝ වෙති.
රවීන් සෙනෙවිරත්න කඩුලු 63 ක් දවාගනිමින් මෙවර ශාන්ත පීතර විදුහල් පිලේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. තුන් ඉරියව් ක්‍රීඩක කනිෂ්ක මධුවන්ත කඩුලු 61 ක් දවාගනිමින් ශාන්ත ජෝශප් විදුහලට හොඳ අභියොග්යක් යොමු කිරීමට සූදානමින් සිටියි.
ටි්රෂේන් වික්‍රමසිංහ සහ ඩනල් හේමනන්ද, ශාන්ත පීතර පන්දු යැවීමේ බලෑනිය ශක්තිමත් කරන සෙසු පන්දු යවන්නෝ වෙති.
දෙවිදුහල් අතර 46 වැනි ‘පීටර් ඒ. පිල්ලෙයි පියතුමන්’ කුසලාන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී මාර්තු මස 22 වැනිදා පැවැත්වීමට නියමිතය.
ශාන්ත ජෝශප් විදුහල් කණ්ඩායම
ජොහෑන් ද සිල්වා (නායක), ලක්ෂාන් ගමගේ, අෂේන් ඩැනියල්, දිනෙත් ජයකොඩි, දුනිත් වෙල්ලාලගේ, ශාලින්ද සෙනෙවිරත්න, මිගාර වික්‍රමගේ, ශිවෝන් ඩැනියල්, ශිරාන් ෆොන්සේකා, සදීෂ් ජයවර්ධන, හිරාන් ජයසුන්දර, ශිවෝන් රසූල්, ෂෙනුක ද සිල්වා, මිතිර තෙනුර, දිනාල් අනුරාධ, අෂාන් ද අල්විස් සහ ළහිරු අමරසේකර
නිරෝෂන් බණ්ඩාරතිලක මහතා (ප්‍රධාන පුහුණුකරු)
ශාන්ත පීතර විදුහල් කණ්ඩායම
ශනෝන් ප්‍රනාන්දු (නායක), නිපුනක ෆොන්සේකා, භානුක ද සිල්වා, රුවින් සෙනෙවිරත්න, කනිෂ්ක මධුවන්ත, ටි්රෂේන් වික්‍රමසිංහ, රිසිත දවටගේ, වනුජ සහන්, විනුල ලියනගේ, ෂෙනාල් බොතේජු, ඩනල් හේමනන්ද, ළහිරු දවටගේ, සන්ෂායි ගුණතිලක, නිමාන් උමේෂ්, සිනුක ගලගොඩ, නිමුතු ගුණවර්ධන, ෂෙනාල් සෙනෙවිරත්න සහ සවිරු පීරිස්
රොජර් විජේසූරිය මහතා (ප්‍රධාන පුහුණුකරු)
steve Wednesday, 04 March 2020 02:38 PM
ජයවේවා !
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.