Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකාවට ලකුණු 30 ක ජයක්

ශී‍්‍ර ලංකාවට ලකුණු 30 ක ජයක්

ශනුක අරවින්ද - 2013 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කි‍්‍රකට් සංගමය විසින් සංවිධානය කරන ආසියාවේ නැගී එන කණ්ඩායම් අතර සිංගප්පූරුවේ පැවැත්වෙන 23 න් පහළ කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා වයස 23 පහළ පිල සහ එක්සත් අරාබි එමීර් පිල අතර අද (20 වැනිදා) පැවති තරගයකින් එක්සත් අරාබි එමීර් පිල පරදවා ලකුණු 30 ක ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත්විය.

ලකුණු 235 ක ඉලක්කයක් හඹාගිය එක්සත් අරාබි එමීර් පිලට ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 205 ක් පමණි. එහිදී ලකුණු 36 කට කඩුලූ 3 ක් දවාගත් දකුණතින් මඳ වේග පන්දු යවන කී‍්‍රඩක ලහිරු ජයරත්න තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

නැවතත් වරක් සාර්ථක ආරම්භයක් ලබාගත් ශ‍්‍රී ලංකා පිල ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන උදාර ජයසුන්දර (38) සහ ෂෙහාන් ජයසූරිය (101) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 72 කදී ලකුණු 57 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.

පන්දු 121 කින් වාර්තාවූ ෂෙහාන් ජයසූරියගේ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත්විය. පළමු තරගයේ ලබාගත් අර්ධ ශතකයත් (85) සමග මේ වන වින තරගාවලියේ වැඩිම ලකුණු ප‍්‍රමාණයක් රැස්කරගෙන තිබෙන්නේද ෂෙහාන් ජයසූරියයි.

ශී‍්‍ර ලංකා වයස 23 පහළ පිල -  ඕවර 50 කදී කඩුලූ 8 කට 235
(උදාර ජයසුන්දර 38, ෂෙහාන් ජයසූරිය 101, නිරෝෂන් දික්වැල්ල 19, කුසල් මෙන්ඩිස් 12, කිත්රුවන් විතානගේ 11, ධනුෂ්ක ගුණතිලක 23, නසීර් අසීස් 39/3)

එක්සත් අරාබි එමීර් පිල - ඕවර 50 කදී කඩුලූ 9 කට 205
(ශයිමන් අන්වර් 53, ශකීබ් අලි 71, රොහාන් මුස්තාෆා 16, අම්ජාඞ් ඛාන් 20, ලහිරු ජයරත්න 36/3, චතුරංග කුමාර 30/2, චරිත් ජයම්පති 41/2)

- 036

 


අදහස් (0)

ශී‍්‍ර ලංකාවට ලකුණු 30 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.