Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකා පිලට ලකුණු 13 ක ජයක්

ශී‍්‍ර ලංකා පිලට ලකුණු 13 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ආසියානු කි‍්‍රකට් සංගමය විසින් සංවිධානය කරන ආසියාවේ නැගී එන කණ්ඩායම් අතර සිංගප්පූරුවේදී පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලියේ අද (21 වැනිදා) පැවති තරගයකින් සිංගප්පූරු පිල පරදවා ලකුණු 13 ක ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා වයස 23 පහළ පිල සමත්විය.

ලකුණු 191 ක ඉලක්කයක් හඹාගිය සිංගප්පූරු පිලට  ඕවර 50 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 178 ක් පමණි.

එහිදී සිංගප්පූරු පිල වෙනුවෙන් අනීෂ් පරම් නොදැවී ලකුණු 62 ක් ලබාගත්තද තරග ජය ගැනීම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.

පන්දු 104 කින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක්ද සමග ලකුණු 72 ක් රැස්කළ ශ‍්‍රී ලංකා පිල ආරම්භක පිතිකරු උදාර ජයසුන්දර තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ශී‍්‍ර ලංකා වයස 23 පහළ පිල -   ඕවර 48.5 කදී සියලූ දෙනා දැවී 191

(උදාර ජයසුන්දර 72, නිරෝෂන් දික්වැල්ල 34, කිත්රුවන් විතානගේ 17, ධනුෂ්ක ගුණතිලක 33, ලහිරු ජයරත්න 13, මොහොමඞ් ෂොයිබ් 16/4, චමින්ද රුවන් 33/3, නරේන්දර් රෙඞ්ඩි 42/2)

සිංගප්පූරු පිල -   ඕවර 50 කදී කඩුලූ 5 ක් දැවී 178

(ඇන්ඩි‍්‍ර ඩි ලංග් 23, චමින්ද රුවන් 33, අනීෂ් පරම් නොදැවී 62, ටිමෝති සිංහම් 26, සාඞ් ජන්ජුවා නොදැවී 13)

 

- 036


අදහස් (1)

ශී‍්‍ර ලංකා පිලට ලකුණු 13 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.