Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකා 23 න් පහළ පිල බංග්ලාදේශය පරදවයි

ශී‍්‍ර ලංකා 23 න් පහළ පිල බංග්ලාදේශය පරදවයි

ශනුක අරවින්ද - 2013 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කි‍්‍රකට් සංගමය විසින් සංවිධානය කරන ආසියාවේ නැගී එන කණ්ඩායම් අතර සිංගප්පූරුවේදී පැවැත්වෙන 23 න් පහළ කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා වයස 23 පහළ පිල සහ බංගලාදේශ වයස 23 පහළ පිල අතර අද (18 වැනිදා) පැවති තරගයකින් බංගලාදේශ පිල පරදවා ලකුණු 62 ක ජයක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත්විය.

ලකුණු 260 ක ඉලක්කයක් හඹාගිය බංගලාදේශ වයස 23 පහළ පිලට සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 197 ක් පමණි. බංගලාදේශ ඉනිම සුනුවිසුණු කළ වමතින් මඳවේග පන්දු යවන කී‍්‍රඩක චරිත් ජයම්පති  ඕවර 8.4 ක් යවා ලකුණු 20 කට කඩුලූ 5 ක් බිඳහෙළුවේය.

ශ්‍රී ලංකා පිල ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන උදාර ජයසුන්දර (70) සහ ෂෙහාන් ජයසූරිය (85) අර්ධ ශතක රැස්කළ අතර ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 197 කදී ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 157 කි.

තරගයේ වීරයා සම්මානය දිනාගත් ෂෙහාන් ජයසූරියගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් ඇතුළත්විය.

 

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා 23න් පහළ කණ්ඩායම

උදාර ජයසුන්දර        - ඇ. අසිෆ් අහමඞ්     ප. සබිර් රහමන්             70
ෂෙහාන් ජයසූරිය        - ඇ. තයිජුල් ඉස්ලාම් ප. නෝර් හොසේන්     85
නිරෝෂන් දික්වැල්ල     - ඇ. අරිෆුල් හක් ප. සබිර් රහමන්              08
කුසල් මෙන්ඩිස්         - දුවද්දී දැවී ගියා                                           18
කිත්රුවන් විතානගේ     - ඇ. නෝර් හොසේන් ප. සබිර් රහමන්     07
ධනුෂ්ක ගුණතිලක         - නොදැවී                                                 29
චතුරංග කුමාර         - ඇ. රොනි තලූක්දර් ප. නොර් හොසේන්        21
චරිත් ජයම්පති         - නොදැවී                                                      15
අතිරේක                                                                                       06
එකතුව             ( ඕවර 50කදී කඩුලූ 6ක් දැවී ලකුණු 259)

කඩුලූ වැටීම:
1-157 (ජයසුන්දර), 2-159 (ජයසූරිය), 3-178 (දික්වැල්ල), 4-190 (මෙන්ඩිස්), 5-195 (විතානගේ), 6-222 (කුමාර)

පන්දුවට පහර නොදුන් කී‍්‍රඩකයෝ :
රුමේෂ් බුද්ධික, ලහිරු ජයරත්න, අඛිල ධනංජය

පන්දු යැවීම:
දෙවන් සබීර් : 6-1-33-0, සෞම්‍ය සාකර් 3-0-14-0, මහමුදුල් හසාන් 6-0-32-0, අසිෆ් අහමඞ් 3-0-19-0, නෝර් හොසේන් 8-1-30-2, අරිෆුල් හක් 5-0-25-0, තයිජුල් ඉස්ලාම් 9-0-60-0, සබිර් රහමන් 10-0-44-3

 

බංගලාදේශ 23න් පහළ කණ්ඩායම

සෞම්‍ය සාකර්             - ප. ජයරත්න                        0
රොනී තලූක්දර්      - දුවද්දී දැවී ගියා                         56
මිතුන් අලි         - ඇ. දික්වැල්ල ප. ජයම්පති             05
ලිටන් දාස්         - දුවද්දී දැවී ගියා                              39
සබිර් රහමන්        - ඇ. ජයරත්න ප. ජයසුන්දර         14
මහමුදුල් හසාන්            - ඇ. ජයසූරිය ප. ජයම්පති    21
අසිෆ් අහමඞ්         - ඇ. මෙන්ඩිස් ප. ජයම්පති           36
අරිෆුල් හක්         - ඇ. දික්වැල්ල ප. ජයසුන්දර         05

දෙවන් සබීර්        - ඇ. කුමාර ප. ජයම්පති               03
නෝර් හොසේන්     - නොදැවී                                 05
තයිජුල් ඉස්ලාම්    - ප. ජයම්පති                              00
අතිරේක                            13
මුලූ එකතුව         ( ඕවර 47.4කදී සියලූ දෙනා දැවී ලකුණු 197)

කඩුලූ වැටීම :
1-0 (සෞම්‍ය සාකර්), 2-19 (මිතුන් අලි), 3-93 (රොනී තලූක්දර්), 4-107 (ලිටන් දාස්), 5-124 (සබිර් රහමන්), 6-152 (මහමුදුල් හසාන්), 7-180 (අරිෆුල් හක්), 8-189 (දෙවන් සබීර්), 9-196 (අසිෆ් අහමඞ්), 10-197 (තයිජුල් ඉස්ලාම්)

පන්දු යැවීම :
පුෂ්පකුමාර ජයරත්න: 7-1-36-1, චරිත් ජයම්පති: 8.4-3-20-5, උදාර ජයසුන්දර: 10-0-47-2, ධනුෂ්ක ගුණතිලක: 3-0-13-0, අඛිල ධනංජය: 4-0-21-0, චතුරංග කුමාර: 5-0-23-0, ෂෙහාන් ජයසූරිය: 10-1-36-0

 

- 036

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා 23 න් පහළ පිල බංග්ලාදේශය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.