Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
වයස 19 න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු සහ දෙවැනි කොටස්වල අවසන් පූර්ව වටයේ තරග මේ මස 4 වැනිදා සිට 7 වැනිදා දක්වා ක්‍රීඩාංගණ 3 කදී පැවැත්වේ. ඉකුත් වසරේදී (2021) පළමු සහ දෙවැනි කොටස් දෙකේ ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ 4 න් 3 ක ශූරතා දිනාගත් කණ්ඩායම් මෙම වසරේදීත් අදාල කාණ්ඩවල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.
ඉකුත් වසරේදී පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සමත් විය. පානදුර ශ්‍රී සුමංගල විදුහල එවර දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත් වෙද්දී, දෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනාගනු ලැබුවේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල විසිනි.
එම වසරේදී පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත් වූ ගාල්ල මහින්ද විදුහලට මෙවර තරගාවලියේ (2022) අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වූයේ අර්ධ අවසන් පූර්ව වටයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල හමුවේ පරාජයට පත්වීම හේතුවෙනි. ශාන්ත පීතර විදුහල අවසන් පූර්ව වටයේදී කොළඹ තර්ස්ටන් විදුහලට එරෙහිව තරග වැදීමට නියමිතය.
පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන මෙම තරගාවලියේ පළමු සහ දෙවැනි කොටස්වල ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ සඳහා කණ්ඩායම් 18 බැගින් සහභාගි විය. එහිදී එක් කාණ්ඩයකට කණ්ඩායම් 6 බැගින් වූ ‘එක්ස්’, ‘වයි’ සහ ‘ඉසෙඩ්’ යන අනු කාණ්ඩ 3 යටතේ එම කණ්ඩායම් මූලික වටයේදී ලීග් ක්‍රමයට අනුව තරග වැදිණ.
මූලික වටයේ තරග මෙම මස 25 වැනිදායින් නිමාවට පත්වූ අතර අනු කාණ්ඩ තුනේ ශූරයන් සහ අනු ශූරයන් බවට පත්වූ කණ්ඩායම් 6 මෙන්ම තෙවැනි ස්ථානයට පත්වූ කණ්ඩායම් 3 න් වැඩි දස්කම් දැක්වූ කණ්ඩායම් 2 ද අර්ධ අවසන් පූර්ව වටවලට සුදුසුකම් ලැබීය. මෙම මස 28 වැනිදා ආරම්භ වූ අර්ධ අවසන් පූර්ව වටයේ සිට තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට අනුව පැවැත්වේ.
දෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ තවත් අර්ධ අවසන් පූර්ව තරග 2 ක් හෙට (2 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහලට එරෙහිව ගම්පහ බණ්ඩාරනායක විදුහලත්, අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලට එරෙහිව පානදුර රාජකීය විදුහලත් තරග වැදීමට නියමිතය. එම තරග දෙකෙන් ජයගන්නා කණ්ඩායම් දෙක පිළිවෙලින් හොරණ තක්ෂිලා මැදි විදුහලට සහ කෝට්ටේ ජනාධිපති විදුහලට එරෙහිව අවසන් පූර්ව වටයේදී තරග බිමට පිවිසෙනු ඇත.
අවසන් පූර්ව වටයේ කාලසටහන
පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩය
■ අප්‍රේල් 5 - මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
■ අප්‍රේල් 7 - ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
පළමු කොටසේ ‘බී’ කාණ්ඩය
■ අප්‍රේල් 4 - බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
■ අප්‍රේල් 6 - මීගමුව මාරිස්ටෙලා විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩය
■ අප්‍රේල් 4 - පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ කළුතර තිස්ස මැදි විදුහල අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී
■ අප්‍රේල් 5 - කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල අතර පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී
දෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩය
■ අප්‍රේල් 4 - කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල හෝ ගම්පහ බණ්ඩාරනායක විදුහල සහ හොරණ තක්ෂිලා මැදි විදුහල අතර දෙඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී
■ අප්‍රේල් 5 - කෝට්ටේ ජනාධිපති විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල හෝ පානදුර රාජකීය විදුහල අතර දෙඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී
අවසන් තරග කාලසටහන
අප්‍රේල් 8 - II වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී
අප්‍රේල් 10 - II වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගය බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී
අප්‍රේල් 11 - I වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් මහ තරගය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී
අප්‍රේල් 12 - I වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.