Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ෂෙහාන්ට සති 4 ක තරග තහනමක්

ෂෙහාන්ට සති 4 ක තරග තහනමක්

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පසුගිය සති අන්තයේ ආරම්භ වූ අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සී.එච්. ඇන්ඞ් එෆ්.සි.ක්‍රීඩා සමාජය සමග කොළඹ තුරඟ තරග පිටියේ පැවැති තරගය අතරතුර ප්‍රතිවාදී පිලේ අංක අට ක්‍රීඩක චතුර ඩිල්ෂාන්ට රෝහල්ගතවීමට හේතුවූ පා පහර එල්ල කළ මහනුවර ක්‍රීඩා සමාජයේ තුන්වැනි පෙළ ක්‍රීඩක ශෙහාන් පතිරණට සති හතරක තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය තීරණය කළේය. 

 
එම තරගයේ 10 වැනි මිනිත්තුවේදී පන්දුව හඹා යද්දී ශෙහාන් පතිරණ පන්දුවට එල්ල කළ වේගවත් පහරක් චතුර ඩිල්ෂාන්ගේ මුහුණේ වැදීමෙන් ඔහු රෝහල්ගත කිරීමට සිදුවී තිබිණි. ඩිල්ෂාන්ගේ මුවට දැඩි තුවාල සිදුවී ඇති අතර මැහුම් 32ක් දැමිමට සිදුවී තිබීණි. මේ හේතුවෙන් ඔහුට ලීග් තරගාවලියේ පළමු වටයේ කිසිදු තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙන්නේ නැත. 
 
ශෙහාන් පතිරණට අමතරව එම තරගයේදීම නීති විරෝධී⁣ ලෙිසන් ක්‍රීඩාවේ නිරතවූ සී.එච්. පිලේ ෆ්ලැන්කර් ක්‍රීඩක කාංචන ලක්ෂිත ප්‍රතිවාදී ක්‍රීඩකයකු තල්ලු කිරීමේ වරද හේතුවෙන් සති දෙකක තරග තහනමක් පැනැවීමට ද රග්බි ආයතනය පියවර ගත්තේය.
 
මීට අමතරව සී.ආර් ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ නායක කවිඳු පෙරේරාට සති 3ක තරග තහනමක් පනවා තිබේ. ඔහුට මේ තහනමට මුහුණපෑමට සිදුවූයේ ගුවන් හමුදා පිල සමග පසුගිය සතියේ රත්මලානේ පැවැති තරගය අතරතුර ගුවන් හමුදා පිලේ වින්ග් ක්‍රීඩක අමිල බණ්ඩාරට නීතිවිරෝධී හා දරුණු ටැක්ල් කිරීමක් සිදු කළ නිසාය. 
 
ඒ අනුව ලීග් තරගාවලියේදී ශෙහාන් පතිරණට තරග 4ක් ද, කවිඳු පෙරේරාට තරග 3ක් ද, කාංචන ලක්ෂිතට තරග 2ක් ද අහිමිවනු ඇත
 
තම තරග තහනමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමට ඉහත කී ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබී තිබේ. 

රග්බි ආයතනයේ තරග නිලධාරී අරුණ ජයසේකර මහතා මේ තරගාවලියේ පශ්චාත් තරග විශ්ලේෂක ලෙස කටයුතු කරමින් මේ තීරණ ගෙන තිබේ.

- 077


අදහස් (0)

ෂෙහාන්ට සති 4 ක තරග තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.