Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ෂෙහාන් මීටර 400 ට මාරුවෙයි

ෂෙහාන් මීටර 400 ට මාරුවෙයි

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉදිරියේදී පැවැත්වෙන දේශීය සහ විදේශීය මලල ක‍්‍රීඩා තරගවලදී මීටර 400 ඉසව්වෙන් තරග කිරීමට තමන් සුදානම්වන බව ශ‍්‍රී ලංකා කෙටිදුර ධාවන ශූරයකු වන ෂෙහාන් අඹේපිටිය පවසයි. මීටර 100 ඉසව්වේ දකුණු ආසියානු රන් පදක්කම් ලාභියකු වන ෂෙහාන්, මීටර 200 ඉසව්වෙන් ද ජයග‍්‍රහණ රැසක් ලබා තිබේ.

කෙසේ වෙතත් මේ වසර මුලදී ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේදී පැවැති 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ෂෙහාන්ට සහභාගිවීමට හැකි වුයේ මීටර 100X4 සහය දිවීමේ ඉසව්වට පමණි. එහිදීත් රන් පදක්කම දිනාගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවිය.

XII වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ ශී‍්‍ර ලංකාවේම කී‍්‍රඩකයකු වූ හිමාෂ ඒෂාන්ය.

ෂෙහාන්, මීටර 100 සහ මීටර 200 ඉසව් දෙකෙන් ඉවත්වී මීටර 400 ඉසව්වට එක්වන්නේ එම ඉසව්වෙන් මෑතක සිට ශ‍්‍රී ලංකාව ලබා ඇති පසුබෑම සැලකිල්ලට ගනිමිනි.

”මීටර 400 ඉසව්වට සහභාගිවීමයි මගේ දැන් ඉලක්කය. ආසියාවේදී මීටර 400 ඉසව්වෙන් පදක්කමක් දිනාගන්න ලොකු අවස්ථාවක් තියෙනවා” යයි ෂෙහාන් පැවසීය.

 


අදහස් (0)

ෂෙහාන් මීටර 400 ට මාරුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.