Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංගීත් ෂෙහාරගේ ද්විත්ව ශතකය (203) නිසා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව ඉනිමක සහ ලකුණු 15 ක ජයක් අත්කර ගැනීමට හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල සමත් විය. අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය වත්තල ලයිසියම් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
මහින්ද රාජපක්ෂ විදුහල් ක්‍රීඩකයකු පාසල් ක්‍රිකට් තරගයකදී ලබාගත් ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙස ෂෙහාරගේ ඉනිම වාර්තා පොතට එක් වූ අතර ඊට හතරේ පහර 37 ක් ඇතුළත් විය.
මහින්ද රාජපක්ෂ විදුහල් පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 350
(සංගීත් ෂෙහාර 203, සංඛ යශෝධන 24, රකිඳු හිම්සර 23, දිනෙත් හංසජන 37, සචිර දිලන්කාවල 67/3, ලකිඳු සචින් 18/2, දිවිඳු සිල්වා 57/2)
ලයිසියම් ජාත්‍යන්තර පාසල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 201
(හසිඳු චාමික 62, දනුක ගුරුසිංහ 28, දනාල් සෙනෙවිරත්න 32, රකිඳු හිම්සර 26/4, මධුවන්ත සල්ගාදු 60/4)
ලයිසියම් ජාත්‍යන්තර පාසල් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 134
(දනාල් සෙනෙවිරත්න 26, සනුෂ්ක සෙනරත් 27, නිහාල් සේනාරත්න 33, මධුවන්ත සල්ගාදු 29/4, සත්නිම් සිප්සර 27/3, රකිඳු හිම්සර 13/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.