Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ෂිකාර් ධවාන් (71) සහ පාර්තිව් පතෙල් (52) චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුදසුකම් තේරීමේ දෙවැනි තරගයේදී කඳුරට මෙරූන්ස් පිලට එරෙහිව පහසු ජයක් කරා යා හැකිවන පරිදි සන්රයිසස් හයිද්‍රාබාද් පිලට සවිමත් අඩිතාලමක් දැමූහ.
හයේ පහර දෙකක් සහ හතරේ පහර 4 ක් සමගින් පන්දු 11 ක දී නොදැවී ලකුණු 32 ක් ලබා ගත් තිසර පෙරේරා, සන්රයිසස් හයිද්‍රාබාද් පිල කඩුලූ 8 ක ජයක් කරා කැඳවාගෙන ගියේ දැවැන්ත හයේ පහරකින් තරගය අවසන් කරමිනි.
ෂිකාර් ධවාන් පන්දු 53 කට මුහුණ දෙමින් හතරේ පහර 11 ක් ගැසූ අතර පතෙල් පන්දු 42 කින් හතරේ පහර 7 ක් සිය ඉනිමට ඇතුළත් කළේය.
ඉන්දියාවේ පන්ජාබ් ප‍්‍රාන්තයේ පිහිටි මොහාලි කී‍්‍රඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති මෙම තරගයේදී සංගක්කාර (නොදැවී 61) සහ ළහිරු තිරිමාන්න (54) දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 89 ක සම්බන්ධතාව නිසා නියමිත ඕවර 20 අවසානයේදී කඩුලූ 3 ක් දැවී ලකුණු 168 ක් ලබාගැනීමට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වන කඳුරට මෙරූන්ස් පිල සමත් විය.
කාසියේ වාසිය දිනාගත් හයිද්‍රාබාද් පිලේ නායක ෂිකාර් ධවාන් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. කඳුරට පිලේ දෙවැනි කඩුල්ලත් ලකුණු 33 දී දැවී ගිය නමුත් සංගක්කාරට සමග එක්වූ නායක තිරිමාන්න විශිෂ්ට සටනකට පිවසෙමින් තුන්වැනි කඩුල්ල සඳහා පන්දු 65 කදී ලකුණු 89 ක් එක් කිරීමට සම්මාදම් විය.
හයේ පහර 2 ක් සහ අලංකාර හතරේ පහර 5 ක් සමගින් පන්දු 39 කදී ලකුණු 54 ක් ලබාගත් තිරිමාන්න ඉෂාන්ත් ෂර්මාගේ යෝකර් පන්දුවකින් දැවී යන විට තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම කඳුරට පිල සතුව තිබිණ. කෙසේ වෙතත් එතැනින් නතර නොවූ සංගක්කාර, ඉනිමේ අවසානය දක්වාම පිටියේ රැඳී සිටිමින් පන්දු 46 කින් නොදැවී ලකුණු 61 ක් ලබාගත්තේ චිත්තාකර්ශනීය හතරේ පහර 7 කින් සිය ඉනිම අලංකාර කරමිනි.
පන්දු 10 කදී ලකුණු 21 ක් ලබාගත් දිල්හාර ලොකුහෙට්ටිගේ සහ සංගක්කාර එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 46 ක් වූ අතර ඒ සඳහා ඔවුන් දෙදෙනා වැය කළේ පන්දු 25 ක් පමණි.
තිසර පෙරේරාගේ ඕවර 4 කදී ලකුණු 43 ක් උදුරා ගැනීමට කඳුරට පිතිකරුවෝ සමත් වූහ.
ලකුණු පුවරුව
කදුරට මෙරූන්ස්
උපුල් තරංග - ඇ.පතෙල් ප.ඉශාන්ත් ෂර්මා 19
ශෙහාන් ජයසුරිය - ඇ.පතෙල් ප.සමී 4
කුමාර් සංගක්කාර - නොදැවී 61
ළහිරු තිරිමාන්න - ප.ඉශාන්ත් ෂර්මා 54
දිල්හාර ලොකුහෙට්ටිගේ - නොදැවී 21
අතිරේක 9
එකතුව ඕවර 20 කදී කඩුලු 3ක් 168
කඩුලු වැටීම: 1-25 (තරංග), 2-33 (ජයසුරිය), 3-122 (තිරිමාන්න)
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ: නුවන් කුලසේකර, තිළිණ කණ්ඩම්බි, චාමර සිල්වා, ළහිරු ජයරත්න, අජන්ත මෙන්ඩිස්, කෞෂාල් ලොකුආරච්චි
පන්දු යැවීම:
ඬේල් ස්ටේන්: 4-0-35-0, ඉශාන්ත් ෂර්මා: 4-0-20-2, ඩැරන් සමී: 4-0-31-1, ජේ. පී. ඩුමිනි: 3-0-24-0, තිසර පෙරේරා: 4-0-43-0, අමිත් මිෂ්රා: 1-0-9-0
සන්රයිස් හයිද්‍රාබාද්
පාර්තිව් පතෙල් - ඇ.ජයරත්න ප.ජයසුරිය 52
ශිකාර් ධාවන් - ඇ.කුලසේකර ප.මෙන්ඩිස් 71
ජේ. පී. ඩුමිනි - නොදැවී 6
තිසර පෙරේරා - නොදැවී 32
අතිරේක 13
එකතුව ඕවර 18.3 කදී කඩුලු 2ක් 174
කඩුලු වැටීම: 1-121 (පතෙල්), 2-136 (ධාවන්)
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ: ඬේල් ස්ටේන්, ඩැරන් සමී, බිප්ලබි සමන්ත්‍රේ, කරන් ෂර්මා, අශීශ් රෙඞ්ඩි, අමිත් මිෂ්රා, ඉශාන්ත් ෂර්මා
පන්දු යැවීම:
ශෙහාන් ජයසුරිය: 4-0-25-1, ළහිරු ජයරත්න: 3-0-33-0, නුවන් කුලසේකර: 3.3-0-35-0, දිල්හාර ලොකුහෙට්ටිගේ: 4-0-38-0, අජන්ත මෙන්ඩිස්: 4-0-39-1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.