Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (01 වැනිදා) පැවති තරගයකදී බ්ලූම්ෆීල්ඞ් පිල පරදවා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 84 කින් ජය ගැනීමට එන්.සී.සී පිල සමත්විය. මෙම තරගය එන්. සී. සී ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
බ්ලූම්ෆීල්ඞ් පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට එන්.සී.සී පිලට ආරාධනා කළ අතර එන්. සී. සී. පිල ඕවර් 50 කදී කඩුලු 5ක් දැවී ලකුණු 315 ක් රැුස්කිරීමට සමත්විය. කුමාර් සංගක්කාර (102) සහ නිරෝෂන් දික්වැල්ල (133) ශතක ලබා ගැනීමට සමත් වූහ.
ලකුණු 316 ක ඉලක්කයක් හඹාගිය බ්ලූම්ෆීල්ඞ් පිලට අයහපත් ආලෝක තත්වය හේතුවෙන් තරගය නවත්වනවිට ඕවර 37.3 කදී කඩුලූ 7ක් දැවී රැස් කරගෙන තිබුනේ ලකුණු 178 ක් පමණි. ඩක්වත් ලූවිස් න්‍යායට අනුව එම අවස්ථාව වනවිට ජයග‍්‍රයණය කිරීමටනම් ලකුණු 263 ක් රැස් කර තිබිය යුතුවිය.
එන්.සී.සී ඕවර 50 කදී කඩුලූ 5ක් දැවී 315
(කුමාර් සංගක්කාර 102, නිරෝෂන් දික්වැල්ල 133, නුවන් ප‍්‍රදීප් 58/2)
බ්ලූම්ෆීල්ඞ් ඕවර 37.3 කදී කඩුලූ 7ක් දැවී 178
(ඩිල්ෂාන් මුණවීර 62, දිල්හාන් කුරේ 41, සොහාන් බොරලැස්ස 29/3, තරිදු කෞශාල් 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.