Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය සහ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය අතර පළමුවරට පැවැති දෙදින වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 58 ක ජයක් හිමිකර ගැනීමට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 118 ක ඉලක්කයක් හඹාගිය ආරක්ෂක සේවා විද්‍යාලයට සියලුදෙනා දැවී සිය දෙවැනි ඉනිම සදඟා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 59 ක් පමණි.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සත්මින් සිප්සර ලකුණු 07 කට කඩුලු 5 ක් සහ සංක යශෝදර ලකුණු 38 කට කඩුලු 3 ක් දවාගනිමින් පළමු වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ ශූරතාව මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ගෙන දිමට සමත්වූහ.
පළමුව පන්දුවට පහරදුන් මහින්ද රාජපක්ෂ විද්‍යාලයට පළමු ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 52 ක් පමණි. ඊට පිළිතුරු ලෙස ආරක්ෂක සේවා විද්‍යාලීය ක්‍රීඩකයන්ට සිය පළමු ඉනිම සඳහා ලබාගැනීමට හැකිවූයේ ලකුණු 75 කි.
ලකුණු 23 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ මහින්ද රාජපක්ෂ විද්‍යාලය සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 140 ක් රැස්කරමින් ආරක්ෂක සේවා විද්‍යාලයට ලකුණු 118 ක ඉලක්කයක් ලබාදුන්නේය.
මහින්ද රාජපක්ෂ විද්‍යලයේ මනෙත් මුත්සඳ තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට සහ හොඳම පිතිකරුවාට හිමි සම්මාන ද්විත්වය හිමිකර ගැනීමට සමත්විය. දක්ෂතම පන්දු රකින්නාට හිමි සම්මානය එම විද්‍යාලයේම ජනුල් රන්ජුල විසින්ද, දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය ආරක්ෂක සේවා විද්‍යාලයේ කවිඳු ගිම්හාන විසින්ද හිමිකර ගැනීමට සමත්වූහ.
මහින්ද රාජපක්ෂ විද්‍යාලීය පළමු ඉනිම - සියලුදෙනා දැවී 52
(දිල්මින් තාරක 19, කවිඳු ගිම්හාන 10/2, හසිත නවාංජන 10/2, චතුර සේරසිංහ 11/2, ජනිත් ජෙහාන් 14/2)
ආරක්ෂක සේවා විද්‍යාලීය පළමු ඉනිම - සියලුදෙනා දැවී 75
(ඔවිඳු පින්නපොල 27, මනෙත් මුත්සඳ 22/3, සංක යශෝදර 22/4)
මහින්ද රාජපක්ෂ විද්‍යාලීය දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 140
(සංගීත් ශෙහාර 27, කවිඳු හේෂාන් 25, පසිඳු ලක්ෂිත 20, මනෙත් මුත්සඳ 39, හසිත නවාංජන 51/2, චතුර සේරසිංහ 21/2, කවිඳු ගිම්හාන 20/5)
ආරක්ෂක සේවා විද්‍යාලීය දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 59
(සත්මින් සිප්සර 07/5, සංක යශෝදර 38/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.