Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සමන් අමරසිංහ සමුගනී

සමන් අමරසිංහ සමුගනී

editorial - 2021 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ක්‍රීඩා සභාවේ හා ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන සමන් අමරසිංහ මහතා අභාවප්‍රාප්ත විය. මියයනවිට 70 හැවිරිදි වියේ පසුවූ අමරසිංහ මහතා දෙදරු පියෙකි.

ශ්‍රී ලංකා ක්‍රීඩා පරිපාලනයේ ප්‍රවීනතම නිලධාරියෙකු වන ඒ මහතා දැරූ තනතුරු අතර ක්‍රීඩා අමාත්‍යාංශ ජාතික ක්‍රීඩා කෞතුකාගාරයේ නිර්මාතෘවරයා වෙමින් එහි ආරම්භක පාලකවරයා ලෙසත් කටයුතු කළේය. වසර 2017 දී ක්‍රීඩා අමාත්‍යාංශය ආරම්භ කළ ජනාධිපති ක්‍රීඩා සම්මාන ප්‍රදානෝත්සවය හඳුන්වාදීමේ පුරෝගාමියා වෙමින් එහි මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේත් අමරසිංහ මහතාය.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසන්ගත තත්ත්වය හමුවේ පසුගිය වසර දෙකක්ම (2019-20) පැවැත්වීමට නොහැකිවීමෙන් පසුව නැවත එය මෙම වසරෙදී පැවැත්වීම සඳහා ඔහුගේ ප්‍රධානත්වයෙන් කටයුතු සංවිධානය වෙමින් තිබෙන අතර ඔහුගේ අභාවය වාර්තා විය.

ක්‍රිකට් විනිසුරුවරයකු ලෙසත් ප්‍රචලිතව සිටි සමන් අමරසිංහ මහතා කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකි. පසු කාලයේදී ඔහු එම විදුහලේ ක්‍රීඩා භාර ආචාර්යවරයා ලෙසත් කටයුතු කළේය.

තමන්ට පැවරුණු තනතුරුවල වගකීම් නිසියාකාරව ඉටු කරන්නෙකු ලෙස ක්ෂේත්‍රයේ නමක් දිනාගත් අමරසිංහ මහතාගේ අවසන් කටයුතු අද (2) පස්වරුවේදී කොවිඩ් නිරෝධායන නීති රීතිවලට අනුව බොරැල්ල කනත්තේදී සිදු කෙරුණි.

- 223

 


අදහස් (0)

සමන් අමරසිංහ සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.