Last Update  :  2025-01-24 12:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සමපෝෂ පාසල් පාපන්දු තරගාවලියට කණ්ඩායම් 610 ක්

සමපෝෂ පාසල් පාපන්දු තරගාවලියට කණ්ඩායම් 610 ක්

editorial - 2025 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ) 

අන්තර් පාසල් සී.බී.එල්.සමපෝෂ කුසලාන අන්තර් පාසල් වයස 14 න් පහළ (බාලක - බාලිකා) පාපන්දු තරගමාලාව සදහා කණ්ඩායම් 610 ක් සහභාගි වන බව ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය පවසයි.

ඒ අනුව බාලක කණ්ඩායම් 492 ක හා බාලිකා කණ්ඩායම් 118 කගේ සහභාගිත්වයෙන් තරගාවලියේ දෙවැනි වටය පෙබරවාරී 1 - 2 - 3 යන දිනවලදී වවුනියාවේදී පැවැත්වේ.

තරගාවලියේ දිස්ත්‍රික් තරග ජයග්‍රාහී බාලක කණ්ඩායම් 32 ක් හා බාලිකා කණ්ඩායම් 28 කගේ සහභාගිත්වයෙන් අවසන් වටයේ  පැවැත්වීමට කටයුතු යොදා තිබේ.මෙහි අවසන් මහ තරග ලබන පෙබරවාරි 7 ,වැනිදා කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සමස්ත තරගමාලාව සදහා සිසු සිසුවියන් 12000 කගේ සහභාගිත්වය ඉක්මවා යන බව කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ ප්‍රධාන ලේකම් ශිරන්ත කුමාර දිසානායක මහතා පැවැසීය.

ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහයෝගයෙන් තරග මාලාව සංවිධානය කිරීමේදී 13 වැනි වතාවටත් සී.බී.එල්.ෆුඩ්ස් සමූහ ආයතනය සමපෝෂ සන්නාමය යටතේ අනුග්‍රහය දක්වයි.

තරගමාලාව නිමාවේ දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව දක්ෂතම ගෝල් රකින්නා හා රකින්නිය සදහා විශේෂ සම්මාන ප්‍රදානය කෙරේ.


අදහස් (0)

සමපෝෂ පාසල් පාපන්දු තරගාවලියට කණ්ඩායම් 610 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.