Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 19 වැනි ‘සල්පිටි රයිගම් කෝරළ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අද(28) අවසන් විය.
දෙවැනි සහ අවසන් දිනය වූ අද තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 99 කට කඩුලු 9 ක් අහිමිකරගෙන සිටියේය.
ලකුණු 39 ක් ලබාගත් කේෂාන් දිල්මිත් තක්‍ෂිලා මධ්‍ය මහා විද්‍යාලීය දෙවැනි ඉනිමේදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට පිළියන්දල මැදි විදුහල් පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.
චමෝද් සඳරු ලකුණු 20 කට කඩුලු 4 ක් සහ සඳුන් සත්සර ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගනිමින් පිළියන්දල මැදි විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ. උෂාන් දීමන්ත සහ රුචිර අධිකාරී කඩුලු බැගින් දවාගැනීමට සමත්වූහ.
පළමු දිනට ඊයේ (27 වැනිදා) තරගය අවසන් කරනවිට ලකුණු 43 කට කඩුලු 2 ක් අහිමිකර ගෙන සිටි පිළියන්දල මැදි විදුහල අද සිය පළමු ඉනිම අත්හිටුවන විට කඩුලු 7 ක් දැවී ලකුණු 247 ක් රැස්කිරීමට සමත්විය.
සිතුම් නිම්ලක (72) සහ අෂේන් රොද්‍රිගූ (59) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර චමෝද් සඳරු සහ සසංක ලක්ෂාන් ලකුණු 27 බැගින් රැස්කරමින් පිළියන්දල මැදි විදුහල් ලකුණු පුවරුව ඉහළ දැමූහ.
ලකුණු 57 කට කඩුලු 3 ක් දවාගත් සසංක අදීප තක්‍ෂිලා මැදි විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ලකුණු 27 ක්, කඩුලු 4 ක්, උඩපන්දු 3 ක් සහ දුවද්දී දැවීයාමකට දායකත්වය ලබාදුන් පිළියන්දල මැදි විදුහල් කණ්ඩායමේ චමෝද් සඳරු 19 වැනි ‘සල්පිටි රයිගම් කෝරළ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය. ලකුණු 72 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ එම විදුහලේම සිතුම් නිම්ලක තරගයේ දක්ෂතම පිතිකරුවාට හිමි සම්මානයත්, පළමු ඉනිමේදී ලබාගත් කඩුලු 7 ත් සමගින් තරගය පුරා කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ උෂාන් දීමන්ත තරගයේ දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත්විය.
තක්‍ෂිලා ම.ම විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 71.1 කදී සියලුදෙනා දැවී 164
(එරංග ජයකොඩි 55, සසංක අදීප 27, ගිහාන් මධුභාෂ 21, දේෂාන් දිල්මින් 21, උෂාන් දීමන්ත 52/7)
පිළියන්දල ම.ම විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 60.2 කදී කඩුලු 7 ක් දැවී 247
(සිතුම් නිම්ලක 72, අෂේන් රොද්‍රිගූ 59, චමෝද් සඳරු 27, සසංක ලක්ෂාන් 27, සසංක අදීප 57/3)
තක්‍ෂිලා ම.ම විද්‍යාලීය දෙවැනි ඉනිම - ඕවර 37 කදී කඩුලු 9 ක් දැවී 99
(කේෂාන් දිල්මිත් 39, චමෝද් සඳරු 20/4, සඳුන් සත්සර 24/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.