Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සහය දිවීමේ තරග 22 දා සිට

සහය දිවීමේ තරග 22 දා සිට

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ‍්‍රී ලංකා පාසල් මලල ක‍්‍රීඩා සංගමය එක්ව සංවිධානය කරන පාසල් සහය දිවීමේ තරගාවලිය මේ මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය සංවිධානය කරන විවෘත සහ වයස් කාණ්ඩ සහය දිවීමේ තරගාවලිය ද ජුනි මස දී පැවැත්වීමට කටයුතු කිරීම නිසා අධ්‍යාපන අමාත්‍යංශය සහ මලල ක‍්‍රීඩා සම්මේලනය අතර ගැටුමක් හට ගත්තේය.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර සහ ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනයේ සභාපති සුගත් තිලකරත්න යන මහත්වරුන් අතර මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් මේ මස 23 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වීමට තිබු ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනයේ සහය දිවීමේ තරගාවලිය සැප්තැම්බර් මස දක්වා කල් දැමීමට තීරණය කර තිබේ. මෙම තරගාවලිය විවෘත පිරිමි සහ කාන්තා ඉසව් වලට අමතරව 16 න් පහළ, 18 න් පහළ සහ වයස 20 න් පහළ වයස් කාණ්ඩවලින් පැවැත්වීමට කටයුතු යොදා තිබිණ.

බෝගම්බරදී පැවැත්වෙන සහය දිවීමේ තරගාවලිය 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ, 19 න් පහළ සහ වයස 21 න් පහළ වයස් කාණ්ඩවලින් පැවැත්වේ.

තරගාවලියට පාසල් 350 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 3250 දෙනෙක් ඉදිරිපත්ව සිටිති.  

 


අදහස් (0)

සහය දිවීමේ තරග 22 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.